• Chathura Ramanayake

චමරි අතපත්තු කාන්තා Carribbean Premier League හිද නම් සලකුණු තබයි.



විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරඟාවලි වල ජනප්‍රියතාව එන්න එන්නම වැඩි වෙන පසුබිමක ලීග් තරඟ රටාවේ උණුසුම කාන්තා ක්‍රිකට් පිටියටද අවතීර්ණ වෙමින් පවතිනවා.

ඉන්දියාවේ IPL තරඟාවලියට සමගාමීව මෙන්ම ඕස්ට්‍රේලියාවේ BBL තරඟාවලියට සමගාමීව ද කාන්තා විස්සයි විස්ස ලීගයක් දැනටමත් ක්‍රියාත්මකයි.


එවන් පසුබිමක කොදෙව් විස්සයි විස්ස ලීගය වන Carribbean Premier League තරඟාවලියට සමගමිවද කාන්තා විස්සයි විස්ස ලීගයක් මේ වසරේදී පැවැත්වෙන්නේ 6IXTY නමින් නව තරඟාවලියක් ද හඳුන්වාදෙමින්.


කණ්ඩායම් තුනකින් මෙම තරඟාවලි ද්විත්වය සමන්විත වන අතර එම කණ්ඩායම් වන්නේ Tinbago Knight Riders, Guyana Amazing Warriors සහ Barbados Royals යන කණ්ඩායම්. මෙම කණ්ඩායම් සඳහා කොදෙව් ක්‍රීඩිකාවන්ට අමතරව විදෙස් ක්‍රීඩිකාවන් තිදෙනා බැගින් ද ඇතුළත් කරනු ලබනවා.


ඒ අනුව එම විදෙස් ක්‍රීඩිකාවන් අතරට ශ්‍රී ලංකා ලංකා කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමෙන් නායිකාව වන චමරි අතපත්තු ද එක්වී තිබෙනවා. චමරි එක් වීමට නියමිතව තිබෙන්නේ The Guyana Amazing Warriors කණ්ඩායම විසින්.


ඒ අනුව චමරි කාන්තා විස්සයි විස්ස ලීග් තරඟාවලි අතර ප්‍රමුඛ තරඟාවලි වන IPL තරඟාවලියට සමගාමීව පැවැත්වෙන Women's T20 Challenge, ඕස්ට්‍රේලියාවේ Women's Big Bash League තරඟාවලිය සහ Women's Carribbean Premier League යන තරඟාවලි ත්‍රිත්වයම නියෝජනය කළ ක්‍රීඩිකාවක් ලෙස නම්දරණු ඇති.


6IXTY නමින් හැඳින්වෙන තරඟාවලිය අගෝස්තු 24 සිට 28 වන දින දක්වාත්, කාන්තා Carribbean Premier League තරඟාවලිය අගෝස්තු 31 වන දින සිට සැප්තැම්බර් 04 වන දින දක්වාත් පැවැත්වීමට නියමිතයි .

225 views0 comments