• Chathura Ramanayake

චන්දි හා සංගා අභිබවමින් නායක දසුන් පෙරටම !!!



ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර තරග වටයේ පළමු තරගය ඊයේ දිනයේදී පැවැත්විණි. ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමගින් පැවති එම තරගයෙන් කඩුලු 5ක විශිෂ්ඨ ජයක් හිමිකරගැනීමට දසුන් ශානක පෙරටුකොටගත් සිංහ පුතුන්ට හැකිවිය.


මෙම ජයග්‍රහණයත් සමගින් විස්සයි විස්ස නායක දසුන් ශානක ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තාවක් අලුත් කිරීමට සමත් විය.එම වාර්තාව වනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම විස්සයි විස්ස තරග ගණනක් ජයග්‍රහණය කළ නායකයා බවට පත්වෙමිනි. දසුන් ශානකගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 31කට ක්‍රීඩා කොට ඇති අතර ඉන් තරග 14ක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත.


මින් පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස තරග ගණනක් ජයග්‍රහණය කරා මෙහෙයවූ නායකයන් බවට පත් වූයේ කුමාර් සංගක්කාර හා දිනේෂ් චන්දිමාල් දෙපළයි. ඔවුන් දෙදෙනාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 13 බැගින් ජයග්‍රහණය කොට ඇත.


වැඩිම විස්සයි විස්ස තරග ජයගත් ශ්‍රී ලංකා නායකයන්

දසුන් ශානක - තරග 31කින් ජයග්‍රහණ 14

කුමාර් සංගක්කාර - තරග 22කින් ජයග්‍රහණ 13

දිනේෂ් චන්දිමාල් - තරග 25කින් ජයග්‍රහණ 13

මහේල ජයවර්ධන - තරග 19කින් ජයග්‍රහණ 12

ලසිත් මාලිංග -තරග 24කින් ජයග්‍රහණ 7


670 views0 comments