• Shaminda Jayarathne

චන්දිමාල් ට ලකුණු 10 000ක්, චාමර සිල්වාට 15 000ක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේශ් චන්දිමාල් සහ චාමිර සිල්වා යන දෙපළ තමන්ගේ පළමු පෙළ ක්‍රිකට් දිවියේ විශේෂ කඩයිමක් පසු කිරීමට ඊයේ දිනයේදී සමත් වුණා. ඒ පළමු පෙළ ලකුණු 10 000 සහ 15 000 සීමාවන් ඉක්මවා යමින්.


වර්තමානයේදී සුවිශේෂී රිද්මයක පසුවන දිනේශ් චන්දිමාල් එම රිද්මය එලෙසම පවත්වා ගනිමින් තමන්ගේ 137 වන පළමු පෙළ තරඟයේදී ලකුණු 152 ක සුපිරි ඉනිමක් දියත් කරමින් මෙම කඩයිම කරා පැමිණීමට සමත් වුණා. ලකුණු 10 000 සීමාව කරා පැමිණෙන චන්දිමාල් විසින් රැස්කරගත් පළමු පෙළ ශතක සංඛ්‍යාව 28ක් ලෙසින් සටහන් වනවා.


තමන්ගේ ක්‍රිකට් දිවියේ 233 වන පළමු පෙළ තරඟයට ක්‍රීඩා කළ චාමර සිල්වා ලකුණු 15 000 සීමාවට ළඟා වීමට සමත් වුණා. ඔහු මේ දස්කම දක්වන විට 42 වන වියේ පසුවීමද විශේෂත්වයක්. තම ශාරීරික යෝග්‍යතාවය දිගටම පවත්වා ගනිමින් ක්‍රීඩා කිරීමට උනන්දුවක් දක්වන බවටද චාමර සිල්වා මෙම කඩයිමට ළඟා වීමෙන් පසු ප්‍රකාශ කොට තිබුණා.


ඔහුද එම තරඟයේදී සටන්කාමී ලකුණු 111 ක ඉනිමක් දියත් කරමින් තම පළමු පෙළ දිවියේ 39 වන ශතකයද වාර්තා කළේ වයස යනු හුදු ඉලක්කයක් පමණක් බවට සනාත කරමින්.

2,447 views0 comments