• Chathura Ramanayake

ගාල්ල, SSC, ටැමිල් යුනියන් හා නාවික හමුදා ක්‍රීඩා සමාජ ජයග්‍රහණ වාර්තා කරයි


අන්තර් සමාජ තුන් දින තරගාවලියේ තවත් තරග 12ක් නිමාවට පත් විය. නිමාවට පත් වූ මෙම තරග,වලදී ජයග්‍රහණ වාර්තා කිරීමට ගාල්ල ක්‍රීඩා සමාජය, එස් එස් සී ක්‍රීඩා සමාජය, ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජයට හැකිවිය.


අද දිනයේදී අවසන් වූ තරග අවසානයේදී A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගැනීමට කොළඹ ක්‍රීඩා සමාජයද, B කාණ්ඩයේ පෙරමුණ හිමිකරගැනීමට ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය ද සමත් විය.


අවසන් වූ මෙම තරගවලදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට පොලිස් ක්‍රීඩා සමාජයේ හේෂාන් ධනුෂ්ක සමත් වූයේ රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 233ක් රැස්කරමිනි. මීගමුව ක්‍රීඩා සමාජයට එරෙහිව ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 10ක්ද බී ආර් සී ක්‍රීඩා සමාජයට එරෙහිව ප්‍රභාත් ජයසූරිය කඩුලු 11ක්ද බිදහෙලීය.


ශතක වාර්තා කළ ක්‍රීඩකයන් අතරට නිෂාන් මදුෂ්ක, දුෂාන් හේමන්ත, ඇන්ජලෝ ජයසිංහ, ජටින් සක්සෙනා, සදුන් වීරක්කොඩි, සහන් ආරචිචිගේ, යොහාන් ලියනගේ, උදයවංශ පරාක්‍රම, මොවින් සුබසිංහ, ශෙහාන් ප්‍රනාන්දු, ගිහාන් කෝරලගේ, තුලින දිල්ෂාන්, සහීඩ් මන්සූර්, රවීන් යසස්, හෂාන් දුමිදු, ශාලිත් ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් සමත් වූහ.





එස් එස් සී ක්‍රීඩා සමාජය හා බී ආර් සී ක්‍රීඩා සමාජය අතර


එස් එස් සී පළමු ඉනීම : 373/10

කවිදු නදීෂාන් 87, නුවනිදු ප්‍රනාන්දු 72, නිපුන් ධනංජය 54

දුෂාන් හේමන්ත 4/105, දුවිදු තිලකරත්න 3/77


බී ආර් සී පළමු ඉනීම : 213/10

තිලකරත්න සම්පත් 61, මලින්ද ජයෝද් 39

ප්‍රභාත් ජයසූරිය 6/71, නිසල තාරක 3/31


එස් එස් සී දෙවන ඉනීම : 203/8d

නුවනිදු ප්‍රනාන්දු 56, නිපුන් ධනංජය 43, රොෂේන් සිල්වා 45

තිලකරත්න සම්පත් 7/77


බී ආර් සී දෙවන ඉනීම : 250/10

දුෂාන් හේමන්ත 103*, ලහිරු සමරකෝන් 39

ප්‍රභාත් ජයසූරිය 5/110, නිම්නක ජයතිලක 4/41


එස් එස් සී ක්‍රීඩා සමාජයට ලකුණු 113ක ජයක්



මීගමුව ක්‍රීඩා සමාජය හා එන් සී සී ක්‍රීඩා සමාජය අතර


මීගමුව පළමු ඉනීම : 353/10

ඇන්ජෙලෝ ජයසිංහ 123, ජටින් සක්සෙනා 111

ලසිත් ඇඹුල්දෙණිය 4/132, අශේන් ඩැනියෙල් 2/63


එන් සී සී පළමු ඉනීම : 364/10

සදුන් වීරක්කොඩි 150, සහන් ආරචිචිගේ 110

උපුල් ඉන්ද්‍රසිරි 5/143, ධනුෂ්ක සදරුවන් 3/67


මීගමුව දෙවන ඉනීම : 271/9

ඇන්ජලෝ ජයසිංහ 55, උමේෂ් ලක්ෂාන් 44

ලසිත් ඇඹුල්දෙණිය 6/121


තරගය ජයපරාජයෙන් තොරව අවසන් විය.


රාගම ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර


රාගම පළමු ඉනීම : 400/10

නිෂාන් මදුෂ්ක 125, ජනිත් ලියනගේ 71

නලින් ප්‍රියදර්ශන 4/95, සුපුන් මධුසංඛ 2/58


පොලිස් පළමු ඉනීම : 460/6

හේෂාන් ධනුෂ්ක 233, දුලාෂ් උදයංග 73, මදුරංග සොයිසා 60

සංජුල බණ්ඩාර 2/43


රාගම ක්‍රීඩා සමාජය : 202/3

යොහාන් ලියනගේ 106, නිෂාන් මදුෂ්ක 81

සුපුන් මදුසංක 2/40


තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.


නාවික හමුදා ක්‍රීඩා සමාජය හා නුගේගොඩ ක්‍රීඩා සමාජය අතර


නාවික හමුදා පළමු ඉනීම : 180/10

අදීෂ නානායක්කාර 93

සුවත් මෙන්ඩිස් 5/49, සහන් නානායක්කාර 4/66


නුගේගොඩ පළමු ඉනීම : 243/10

රනිත් ලියනාරච්චි 77, අභිෂේක් ලියනාරච්චි 60, නයන ප්‍රනාන්දු 51

නවීන් කවිකාර 6/100


නාවික හමුදා දෙවන ඉනීම : 302/9d

අදීෂ නානායක්කාර 96, මදුර මධුසංඛ 60, මාලිංග මාලිගස්පෙ 49,

සුවත් මෙන්ඩිස් 3/64, නවීන් ප්‍රනාන්දු 2/36


නුගේගොඩ දෙවන ඉනීම : 133/10

රනිත ලියනාරච්චි 72

නවීන් කවිකාර 6/49,අසන්ත සිංගප්පුලි 2/5


නාවික හමුදා ක්‍රීඩා සමාජයට ලකුණු 106ක ජයක්


ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර


ගුවන් හමුදා පළමු ඉනීම : 440/10

උදයවංශ පරාක්‍රම 119, මොවින් සුබසිංහ 114, මධුෂාන් රවිචන්ද්‍රකුමාර් 58

ඉවන්ක සංජුල 3/87, නිමේෂ් විමුක්ති 4/151


පානදුර පළමු ඉනීම : 446/9

පාර්ත් පලවට් 73, අභිෂේක් ගුප්තා 90, ලක්ෂාන් රොද්‍රිගු 84,

දුලාංජන මෙන්ඩිස් 5/103, මොවින් සුබසිංහ 2/88


ගුවන් හමුදා දෙවන ඉනීම : 152/5

සසිදු නානායක්කාර 54


තරගය ජයපරාජයෙන් තොරව අවසන් විය


කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය හා සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර


කුරුණෑගල යූත් පළමු ඉනීම : 239/10

අසන්ත බස්නායක 61, රන්දීර රණසිංහ 48

තරිඳු රත්නායක 5/93, ශෂ්‍රික පුස්සෙගොල්ල 1/15


සෙබස්තියනයිට්ස් පළමු ඉනීම : 352/10

ශශ්‍රික පුස්සෙගොල්ල 69, සෞරබ් දුබේ 50, තරිඳු රත්නායක 74

සකිදු විජේරත්න 4/109, ධනුෂ්ක ධර්මසිරි 2/10


කුරුණෑගල යූත් දෙවන ඉනීම : 297/10

අසන්ත බස්නායක 95, ධනුෂ්ක ධර්මසිරි 84

තරිඳු රත්නායක 5/116, චාමිකර එදිරිසිංහ 4/97


තරගය ජයපරාජයෙන් තොරව අවසන් විය.


යුධ හමුදා ක්‍රීඩා සමාජය හා බදුරලිය ක්‍රීඩා සමාජය අතර


යුධ හමුදා පළමු ඉනීම : 471/9d

ශෙහාන් ප්‍රනාන්දු 166, ගිහාන් කෝරලගේ 113*, තුලින දිල්ෂාන් 111

චලන ද සිල්වා 4/126, අලංකාර සිල්වා 2/72


බදුරලිය පළමු ඉනීම : 230/10

රමීස් අලාම් 51, සහීඩ් මන්සූර් 46

ලක්ෂාන් එදිරිසිංහ 4/51, කෞමාල් නානායක්කාර 4/77


බදුරලිය දෙවන ඉනීම : 278/7

සහිඩ් මන්සූර් 113, රමීස් අලාම් 66

අශාන් රන්දික 2/34, යශෝධ මෙන්ඩිස් 2/37


තරගය ජයපරාජයෙන් තොරව අවසන් විය.


සැරසන්ස් ක්‍රීඩා සමාජය හා ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය අතර


සැරසන්ස් පළමු ඉනීම : 253/10

සිතාර ගිම්හාන් 89, නවිදු විතානගේ 66

ශිරාන් ප්‍රනාන්දු 4/33, රවීන් ද සිල්වා 4/53


ටැමිල් යුනියන් පළමු ඉනීම : 299/10

නවෝද් පරණවිතාන 89, රොන් චන්ද්‍රගුප්ත 82

ඉසිත විජේසුන්දර 4/73, ප්‍රමෝද් මධුවන්ත 2/29


සැරසන්ස් දෙවන ඉනීම : 169/10

ප්‍රමෝද් මධුවන්ත 69*

රවීන් ද සිල්වා 3/34, කවිදු පතිරත්න 2/18


ටැමිල් යුනියන් දෙවන ඉනීම : 125/6

නවෝද් පරණවිතාන 33, රවිදු ප්‍රනාන්දු 24*

ඉසිත විජේසුන්දර 2/35


ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට කඩුලු 4ක ජයක්


ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය හා හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය අතර


ඒස් කැපිටල් පළමු ඉනීම : 288/10

රොෂාන් ජයතිස්ස 73, ස්වප්නිල් අනිල් 63, තනුක දාබරේ 62

ලසිත් ලක්ෂාන් 4/65, රජින්ද පුංචිහේවා 2/20


හලාවත මේරියන්ස් පළමු ඉනීම : 290/10

රවීන් යසස් 118, ලසිත් ලක්ෂාන් 70

සචිදු කොළඹගේ 3/46, නිම්සර අතරගල්ල 2/51


ඒස් කැපිටල්ස් දෙවන ඉනීම : 150/7d

ඕෂද ප්‍රනාන්දු 55,

ලසිත් ලක්ෂාන් 4/21


හලාවත මේරියන්ස් දෙවන ඉනීම : 31/2


තරගය ජයපරාජයෙන් තොරව අවසන් විය.


ලන්ක්න් ක්‍රීඩා සමාජය හා කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අතර


ලන්ක්න් පළමු ඉනීම : 409/9d

ඉසිවර දිසානායක 88 ,කසුන් අබේරත්න 71, දේශාන් ඩයස් 61

දුනිත් වෙල්ලාලගේ 5/90


කෝල්ට්ස් පළමු ඉනීම : 413/8d

හෂාන් දුමිදු 138, ධනංජය ලක්ෂාන් 60, කවිෂ්ක අංජුල 55, මුදිත ලක්ෂාන් 51*

ගීත් කුමාර 4/74


ලන්ක්න් දෙවන ඉනීම : 33/0


තරගය ජයපරාජයෙන් තොරව අවසන් විය


කලුතර නාගරික ක්‍රීඩා සමාජය හා ගාල්ල ක්‍රීඩා සමාජය අතර


කලුතර නාගරික පළමු ඉනීම : 190/10

කෝසල රවිදු 75

රගු ශර්මා 5/52, කවිදු එදිරිවීර 1/0


ගාල්ල පළමු ඉනීම : 405/6

ශාලිත් ප්‍රනාන්දු 133,සමීන් කදානෙආරච්චි 71, විනුර දුල්සර 77

තරිඳු සිරිවර්ධන 2/52, බුවන්ත ජයසිංහ 2/48


කලුතර දෙවන ඉනීම : 202/10

සවන් කන්කාමම්ගේ 43, යෙසිත් රූපසිංහ 39

රගු ශර්මා 6/56, සදුන් මදුසංක 2/19


ගාල්ල ක්‍රීඩා සමාජයට ලකුණු 13ක ජයක්.


කොළඹ ක්‍රීඩා සමාජය හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර


කොළඹ පළමු ඉනීම : 249/10

ලසිත් අබේරත්න 73, කමිදු මෙන්ඩිස් 59

ප්‍රවීන් ජයවික්‍රම 3/71, තිලංග උදේෂන 2/29


මුවර්ස් පළමු ඉනීම : 215/10

රමේෂ් මෙන්ඩිස් 89, පබසර වඩුගේ 37

සොනාල් දිනූෂ 8/67


කොළඹ දෙවන ඉනීම : 269/10

වනිදු හසරංග 56, චමිදු විජේසිංහ 46

රමේෂ් මෙන්ඩිස් 6/65, ප්‍රවීන් ජයවික්‍රම 95/2


මුවර්ස් දෙවන ඉනීම : 241/8

මොහොමඩ් ෂමාස් 59, සොහාන් ද ලිවේරා 47

වනිදු හසරංග 4/73, සොනාල් දිනූෂ 3/65


තරගය ජයපරාජයෙන් තොරව අවසන් විය.


285 views0 comments