
Chathura Ramanayake
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය !!!

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙන අතර තරගාවලියට පෙර ගාලු ක්‍රීඩාංගණයේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය පිළිබඳව Creedanet අප සිදුකරන විමසුමක් මෙතැන් පටන්...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමු වරට ටෙස්ට් තරගයක් පවත්වා ඇත්තේ 1998 වසරේදීය. නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති එම තරගය ඉනීමකින් හා ලකුණු 16කින් ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එතැන් පටන් මේ දක්වා ගාලු ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ටෙස්ට් තරග 39කට සත්කාරකත්වය දරා ඇති අතර ඉන් තරග 22කම ජයග්‍රහණය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කාසියේ වාසිය හිමිකරගත් කණ්ඩායම තරග 22ක් ජයගෙන ඇත.
එමෙන්ම පළමුව පන්දුවට පහර දුන් කණ්ඩායම ගාලු ක්‍රීඩාංගණයේ තරග 21ක් ජයග්‍රහණය කොට ඇත. අවසන් වරට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඉනීමකින් හා ලකුණු 39කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවිය. ගාල්ල ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය ටෙස්ට් තරග 5කට ක්‍රීඩා කොට ඇති අතර ඉන් තරග 3ක ජය ශ්‍රී ලංකාව සතු වද්දී තරග 2ක් පාකිස්තානය ජයගෙන ඇත.
ගාල්ල ක්‍රීඩාංගණයේ කණ්ඩායමක් ඉනීමකදී රැස්කළ වැඩිම ලකුණ බවට පත් වූයේ 2013 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශය රැස්කළ ලකුණු 638යි. 2018 වසරේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 73කදී දවාගැනීමට ශ්‍රී ලංකාව සමත් වද්දී ගාලු පිටියේ ඉනීමක වාර්තා වූ අඩුම ලකුණු ගණන ලෙසින් එය සටහන් විය. ගාල්ල ක්‍රීඩාංගණයේ ඉනීමක් තුළ ඉහළම ලකුණු රැස්කළ ක්‍රීඩකයා බවට පත් වන්නට ක්‍රිස් ගේල් සමත් වූයේ ලකුණු 333ක් රැස්කරමිනි. ගාලු ක්‍රීඩාංගණයේ ඉනීමක හොදම පන්දු යැවීමේ වාර්තාව මුත්තයියා මුරලිදරන් සතු අතර ඔහු එංගලන්තයට එරෙහිව ලකුණු 46කට කඩුලු 7ක් දවාගැනීමට සමත් විය.
ගාල්ල ක්‍රීඩාංගණයේදී ටෙස්ට් ක්‍රිකට් දත්ත...
මෙතෙක් රැස්කොට ඇති මුලු ලකුණු - 39608
මෙතෙක් බිදවැටී මුලු කඩුලු - 1267
පළමු ඉනීමේ ලකුණු සාමාන්‍ය - 361
ආරම්භක කඩුල්ලේ සාමාන්‍ය සබදතාව - 37.24
ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් සාමාන්‍ය සබදතාව - 31.26
හොදම හබායාම - ශ්‍රී ලංකාව ලකුණු 268ට කඩුලු 4ක්
හොදම සබදතාව - මොහොමඩ් අශ්රාෆුල් හා මුෂ්ෆිකර් රහීම් ලකුණු 267
ඉහළම ලකුණු ලාභියා - මහේල ජයවර්ධන ලකුණු 2382
වැඩිම කඩුලු ලාභියා - මුත්තයියා මුරලිදරන් කඩුලු 111ක්
වත්මන් ක්‍රීඩකයන්ගෙන් ගාලු පිටියේ වැඩිම ලකුණු ලාභීන්
ඇන්ජලෝ මැතිවුස් - ලකුණු 1650
දිමුත් කරුණාරත්න - ලකුණු 1391
දිනේෂ් චන්දිමාල් - ලකුණු 1108
කුසල් මෙන්ඩිස් - ලකුණු 604
වත්මන් ක්‍රීඩකයන්ගෙන් ගාලු පිටියේ වැඩිම කඩුලු ලාභීන්
ලසිත් ඇඹුල්දෙණිය - කඩුලු 32
රමේෂ් මෙන්ඩිස් - කඩුලු 27
නේතන් ලයන් - කඩුලු 21
මිචෙල් ස්ටාක් - කඩුලු 16