• Chathura Ramanayake

ගාලු පිටියේ හොදම හඹායාම පාකිස්තාන පිතිකරුවන්ගෙන් !!



සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කලහ. ඒ අනුව සිය පළමු ඉනීම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 222ක් රැස්කළහ. පළමු ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ දිනේෂ් චන්දිමාල් පන්දු 115ක් තුළ හතරේ පහර 10ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 76ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් ශහීන් අෆ්‍රිඩි කඩුලු 4ක් බිදහෙලීය.


පිළිතුරු ලෙසින් සිය පළමු ඉනීම ඇරඹූ පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 90 පන්දු 5ක් අවසානයේදී සියලු ක්‍රීඩකයන් දැවී රැස්කළේ ලකුණු 218ක් පමණි. පාකිස්තානය වෙනුවෙන් නායකත්වයේ ඉනීමක් ක්‍රීඩා කළ බාබර් අසාම් හතරේ පහර 11ක් හා හයේ පහර දෙකක් සමගින් ලකුණු 119ක් රැස්කළේය. පාකිස්තාන ඉනීමේ කඩුලු 5ක් දවාගනිමින් වාර්තා අතරට එක්වන්නට ප්‍රභාත් ජයසූරිය සමත් වූයේ පළමු ටෙස්ට් ඉනීම තුනෙහිදීම කඩුලු 5 බැගින් දවාගත් පළමු ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත් වෙමිනි. ඒ අනුව පළමු ඉනීමේදී පාකිස්තානයට වඩා ලකුණු 4ක ඉදිරියක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.


දෙවන ඉනීම වෙනුවෙන් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පිතිකරුවන් මෙම ඉනීමේදීද අසාර්ථක වන්නට විය. මුල්පෙල පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් හා ඕෂධ ප්‍රනාන්දු අර්ධ ශතක වාර්තා කරමින් ශ්‍රි ලංකා ලකුණු පුවරුව ඉහළ නංවන්නට සමත් විය. දෙවන ඉනීමේදීද හුදකලා ඉනීමක් දියත් කළ දිනේෂ් චන්දිමාල් පන්දු 139කදී හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමගින් නොදැවුනු ලකුණු 94ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනීම වෙනුවෙන් ලකුණු 337ක් රැස්කළේ ලකුණු 341ක ඉලක්කයක් පාකිස්තානයට ලබාදෙමිනි. ශ්‍රී ලංකා දෙවන ඉනීමේ කඩුලු 5ක් දවාගැනීමට මොහොමඩ් නවාස්ට හැකිවිය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන පාකිස්තාන පිතිකරුවන් ඉතා මැනවින් පිතිකරණයේ නියැලුණු දක්නට ලැබිණි. තරගයේ අවසන් දිනය වූ අද දිනයේ තරගය ආරම්භ කරන විට පාකිස්තාන කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 220ක් රැස්කොට ප්‍රභල තත්වයක පසුවිය. අද දිනයේදීද අබ්දුල්ලා ශාෆික් හා මොහොමඩ් රිස්වාන් මැනවින් පන්දුවට පහර දෙනු දක්නට ලැබුණි. නමුත් ලකුණු පුවරුව 276ක් ලෙසින් දිස්වද්දී ලකුණු 40ක් රැස්කළ මොහොමඩ් රිස්වාන් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගන්නට ප්‍රභාත් ජයසූරිය සමත් විය.


නැවත වරක් ක්‍රියාත්මක වූ ප්‍රභාත් ජයසූරිය සිය සිව්වන කඩුල්ල ලෙසින් සල්මන් අගා දවාගත්තේ තරගය පිළිබඳව යම් බලාපොරොත්තුවක් ඇති කරමිනි. හසන් අලී ලකුණු 5කට ධනංජය හමුවේ දැවී ගියද අබ්දුල්ලා ශාෆික් හා මොහොමඩ් නවාස් එක්ව පාකිස්තාන කණ්ඩායම තරගයේ ජයග්‍රහණය කරා රැගෙන ගියහ. ඒ අනුව කඩුලු 6ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට පාකිස්තානය සමත් වූයේ ගාලු ක්‍රීඩාංගණයේදී සාර්ථකම යබායාම සිදුකරමිනි. පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමෙහි නියමුවා වූ අබ්දුල්ලා ශාෆික් හතරේ පහර 7ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 160ක් රැස්කිරීමට සමත් විය.


පාකිස්තාන නායක බාබර් අසාම් දෙවන ඉනීමේදී ලකුණු 55ක් රැස්කළේය. පන්දු යැවීමේදී ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය කඩුලු 4ක් දවාගැනීමට සමත් වුවද පළමු ටෙස්ට් ඉනීම් 4හිදීම කඩුලු 5 බැගින් දවාගනිමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට තිබූ අවස්ථාව ඔහුට අහිමි විය. තරගයේ වීරයා ලෙසින් අබ්දුල්ලා ශාෆික් සම්මානයට පාත්‍ර වද්දී තරගාවලිය තරග 2-1ක් ලෙසින් පෙරමුණ හිමිකරගැනීමට පාකිස්තාන කණ්ඩායමට හැකිවිය.


ශ්‍රී ලංකා පළමු ඉනීම - 222/10 (66.1)

දිනේෂ් චන්දිමාල් 76(115), මහීෂ් තීක්ෂණ 38(65), ඕෂධ ප්‍රනාන්දු 35(49)

ශහීන් අෆ්‍රිඩි 4/58, හසන් අලී 2/23, යසීර් ශා 2/66


පාකිස්තාන පළමු ඉනීම - 218/10 (90.5)

බාබර් අසාම් 119(244), මොහොමඩ් රිස්වාන් 19(35)

ප්‍රභාත් ජයසූරිය 5/82 , රමේෂ් මෙන්ඩිස් 2/18, මහීෂ් තීක්ෂණ 2/68


ශ්‍රී ලංකා දෙවන ඉනීම - 337/10 (100)

දිනේෂ් චන්දිමාල්* 94(139), කුසල් මෙන්ඩිස් 76(126), ඕෂධ ප්‍රනාන්දු 64(125)

මොහොමඩ් නවාස් 5/88, යසීර් ශා 3/122


පාකිස්තාන දෙවන ඉනීම - 344/6 (127.2)

අබ්දුල්ලා ශාෆික්* 160( 408), බාබර් අසාම් 55(104), මොහොමඩ් රිස්වාන් 40(74)

ප්‍රභාත් ජයසූරිය 4/135, ධනංජය ද සිල්වා 1/33

0 views0 comments