• Shaminda Jayarathne

ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළ දෝතට ගත් 2003 පොඩ්ඩා!

ඇමරිකානු විවෘත ටෙනිස් තරඟාවලියේ අවසන් මහා තරඟය ජයග්‍රහණය කරමින් ස්පාඤ්ඤයේ කාර්ලෝස් අල්කාරාස් මෙවර කිරුළ ලබා ගත්තා. මේ ඔහු ජයග්‍රහණය කළ පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවය වීමද විශේෂත්වයක්.


අවසන් මහා තරඟයේදී නෝර්වේ ජාතික කැස්පර් රූඩ් ව 6 ට 4 ක්, 2 ට 6 ක්, 7 ට 6 ක් හා 6 ට 3 ක් වශයෙන් වට 3-1 ක ජයග්‍රහණයක් ඔහුට හිමි වුණා. මේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණය ලබා ගැනීමට පෙර සිටම ඔහු ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයේ පසු වුණා.


තවමත් 19 හැවිරිදි වියේ පසුවන අල්කාරාස් ටෙනිස් ඉතිහාසයේ ශ්‍රේණිගත කිරීම් හි ප්‍රථම ස්ථානයට පත් වූ ලාබාලතම ක්‍රීඩකයා ලෙසද ඉතිහාසගත වුණා. මේ වන විටත් අනාගත ටෙනිස් ක්‍රීඩාවේ දීප්තිමත් තරුවක් වීමේ හැකියාව පවතින බවට කාර්ලෝස් අල්කාරාස් ඉඟි පළ කරමින් සිටිනවා.

10 views0 comments