• Chathura Ramanayake

ගංගුලි, මුරලි , මෝගන් ඇතුළු ප්‍රභලයන් රැසක් ලෙජන්ඩ්ස් ලීගයට !!!



LLC නමින් හැඳින්වෙන ලෙජන්ඩ් ක්‍රිකට් ලීග් තරගාවලියේ දෙවන අදියර මෙම වසරේ සැප්තැම්බර් මස 17වනදා සිට ඔක්තෝබර් මස 8වනදා තෙක් ඉන්දියාවේ නගර 5ක් කේන්ද්‍ර කොටගනිමින් පැවැත්වීමට නියමිත බව ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කොට ඇත.  ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති හිටපු ඉන්දීය නායක සව්රව් ගංගුලි මෙවර තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත බවද එම වෙබ් අඩවිය සදහන් කොට ඇත. ඒ අනුව සව්රව් ගංගුලි වසර 7කට පසුව ක්‍රිකට් තරග වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතය.


මේ වන විට මෙම තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 53 දෙනෙකු සහභාගී වන බවට තහවුරු කොට ඇත. එම ක්‍රීඩකයන් අතරට ඉයන් මෝගන්, විරේන්ද්‍ර ශෙවාග්, මුත්තයියා මුරලිදරන්, මිස්බා උල් හක්, ජොන්‍ටි රෝඩ්ස්, මිචෙල් ජොන්සන්, බ්‍රෙට්ලී, ශේන් වොට්සන්, රෝස් ටේලර් හා ඩේල් ස්ටේන් යන ප්‍රභල ක්‍රීඩකයන් රැසක් මේ වන විටත් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන බව තහවුරු කොට ඇත.


තරගාවලිය ඉන්දියාවේ නගර පහක් කේන්ද්‍ර කොටගනිමින් පැවැත්වෙන අතර එම නගර වනුයේ කොල්කටා, ලක්නව්, දිල්ලි, ජෝද්පූර් යන නගර සහ කටක් සහ රාජ්කොට් වලින් එකක් විය හැකිය.  පකිස්ථාන ක්‍රීඩකයින්ට අවශ්‍ය රජයේ අනුමැතිය ලැබුණු පසු ඔවුන්ද තරගාවලිය වෙනුවෙන් එක්වනු ඇතැයි  ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කොට ඇත. ලෙජන්ඩ්ස් ලීග් තරගාවලියේ පළමු අදියර පසුගිය වසරේ ජනවාරි මස Muscat හිදී පැවති අතර එහිදී කණ්ඩායම් තුනක් තරගාවලියට එක්විය.

0 views0 comments