• Chathura Ramanayake

කාසිය වාසිය පැරදුනත් අපි පන්දුවට පහරදෙන්න සූදානම් - දසුන් ශානක


ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර අද දිනයේදී පැවැත්වීමට නියමිතය. අද තරගය පැවැත්වෙන ඩුබායි ක්‍රීඩාංගණයේ පසුගිය කාල සීමාව පුරාවටම තරග ජයග්‍රහණයට කාසියේ වාසිය දැඩි බලපෑමක් එල්ල කොට ඇත. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ජයගත් තරග හතරම හබාගොසින් ජයග්‍රහණය කොට ඇත. තරගයේ කාසියේ වාසිය පිළිබඳව ශ්‍රී ලංකා නායක දසුන් ශානක අදහස් දක්වා ඇත.

මෙහි දී කාසියේ වාසිය ඉතා වැදගත් සාධකයක්. නමුත් තවමත් අපේ පිතිකරුවන් පළමු සහ දෙවන ඉනිම යන දෙකෙහිම පන්දුවට පහර දීමට ඉතා දක්ෂයි. සංඛ්‍යා දත්ත අනුව අපි මෙහි ක්‍රීඩා කළ සියලුම තරග හඹා ගියා. නමුත් කාසියේ වාසිය පැරදුණහොත් පළමුව පන්දුවට පහර දීමට අපි සූදානම්"
කණ්ඩායමක් ලෙස අපි අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට ඉතා උනන්දුවෙන් පසුවෙනවා. පාකිස්තානය ඉතා හොඳ කණ්ඩායමක්. තරඟාවලියක් ලෙස, ආපසු හැරී බලන විට, මෙය අප ක්‍රීඩා කළ හොඳම ආසියානු කුසලාන තරඟාවලියක් වූ අතර අපි අවසන් තරඟය දෙස බලා ඉන්නවා".

ඩුබායි ක්‍රීඩාංගණයේ තරග තීරණයට බලපෑමක් එල්ල කරන කාසියේ වාසිය සම්බන්ධයෙන් පාකිස්තාන පුහුණුකරු සක්ලේන් මුෂ්‍ටාක්ද අදහස් දක්වා ඇත.


"ඔබට ශූරයෙකු වීමට අවශ්‍ය නම්, ඔබ කාසියේ වාසිය ගැන නොසිතිය යුතුය. පළමු ඉනිමේ වගේම දෙවැනි ඉනිමේදීත් ශූරයන් වෙන්න ඔබට පුලුවන් වෙන්න ඕන. අපි කවදාවත් කාසියේ වාසිය ගැන කතා කරන්නේ නැහැ, අපි ඒ ගැන හිතන්නේ නැහැ"

8,434 views0 comments