• Chathura Ramanayake

කුසල් මෙන්ඩිස් පිතිකරුවන් අතර ප්‍රමුඛයා වෙමින් සාර්ථකව තරගාවලිය අවසන් කරයි !!!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ ඊයේ දිනයේදී නිමාවට පත් වූයේ කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ SLC Reds කණ්ඩායම ශූරයන් ලෙසින් කිරුලු පලන්දවමිනි. මෙවර තරගාවලිය ආරම්භක පිතිකරුවකු ලෙසින් සාර්ථකව අවසන් කරන්නට කුසල් මෙන්ඩිස්ට හැකිවූයේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමිනි. ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයන් පිළිබඳව මෙම ලිපියෙන් අවදානය යොමු කෙරේ.


මෙවර තරගාවලියට මූලික වටයේ තරග 6ක් හා අවසන් මහා තරගය ඇතුළත් විය. තරගාවලිය අවසානයේදී වැඩිම ලකුණු ලාභියා බවට පත් වූයේ SLC Reds නායක කුසල් මෙන්ඩිස්ය. මෙන්ඩිස් තරග හතර තුළදී ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසෙමින් ලකුණු 206ක් රැස්කිරීමට සමත් විය. ඔහු මෙවර තරගාවලියේ දී ලකුණු 68.66ක පිතිකරණ සාමාන්‍යයක් රදවා ගැනීමට සමත් වද්දී අර්ධ ශතක 2ක්ද රැස්කිරීමට සමත් විය.


තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැන්නා බවට පත් වන්නට SLC Blues කණ්ඩායමේ මැදපෙළ පිතිකරු අශේන් බණ්ඩාරට හැකිවිය. අශේන් බණ්ඩාර තරග 3කදී නොදැවී පන්දුවට පහරදුන් අතර තරගාවලිය තුළදී ලකුණු 134ක් රැස්කිරීමට ඔහුට හැකිවිය. Reds කණ්ඩායමේ අනෙක් ආරම්භක පිතිකරු ලසිත් ක්‍රෝස්පුල්ලේ තරගාවලියේ ඉනීම 4 තුළදී එක් අර්ධ ශතකයක් ද සමගින් ලකුණු 113ක් රැස්කළේ වැඩිම ලකුණු ලාභීන් අතර තෙවැන්නා ලෙසින් තරගාවලිය අවසන් කරමිනි.


තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර සිව්වන හා පස්වන ස්ථාන පිළිවෙලින් ඉනීම තුනකදී ලකුණු 104ක් හා 103ක් රැස්කළ තනුක දාබරේ හා නිරෝෂන් දික්වැල්ලට හිමි වී ඇත. SLC Reds කණ්ඩායමේ අංක පහ පිතිකරණ ස්ථානයේ ක්‍රීඩා කළ වනිදු හසරංග වැඩිම ලකුණු ලාභීන් අතර හයවැන්නා බවට පත්වූ අතර ඔහු ලකුණු 99ක් රැස්කළේ 162ක පමණ ප්‍රහාරාත්මක වේගයක් රදවා ගනිමිනි. වැඩිම ලකුණු ලාභීන් අතරෙහි සෙසු ස්‍ථාන පිළිවෙලින් ලහිරු උදාර, ධනංජය ද සිල්වා, භානුක රාජපක්ෂ, සදීර සමරවික්‍රම යන ක්‍රීඩකයන්ට හිමි වී ඇත.


තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් දසදෙනා

ක්‍රීඩකයා

ඉනීම

ලකුණු

ප්‍රහාරක වේගය

හොදම ලකුණ

කුසල් මෙන්ඩිස්

4

206

123.35

86

අශේන් බණ්ඩාර

4

134

117.54

40*

ලසිත් ක්‍රෝස්පුල්ලේ

4

113

129.88

54

තනුක දාබරේ

3

104

140.54

66

නිරෝෂන් දික්වැල්ල

3

103

122.61

76*

වනිදු හසරංග

4

99

162.29

69*

ලහිරු උදාර

3

88

100.0

37

ධනංජය ද සිල්වා

4

71

114.51

25

භානුක රාජපක්ෂ

4

61

105.17

34

සදීර සමරවික්‍රම

4

​60

93.75

40


1,156 views0 comments