• Chathura Ramanayake

කුසල් මෙන්ඩිස්ටත් දකුණු අප්‍රිකානු ලීගයට දොරටු විවර වෙයි


දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය හදුන්වා දෙන SA20 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ දිනයේදී කේප්ටවුන්හිදී පැවැත්විණි. මෙම ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ලොව පුරා ක්‍රීඩකයන් 533ක් ලියාපදිංචිව සිටි අතර ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 30ක්ද ඇතුළත් විය


ඊයේ දිනයේ පැවති මෙම ක්‍රීඩක වෙන්දේසියට මුම්බායි කේප්ටවුන් කණ්ඩායම නියෝජනය කරමින් හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන සම්බන්ධ විය



ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් එළඹෙන SA20 තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙන් තෝරා ගැනුණි. ක්‍රීඩක වෙන්දේසියේ දෙවන වටයේදී කුසල් මෙන්ඩිස්ව ප්‍රිටෝරියා කැපිටල්ස් කණ්ඩායම විසින් මිළදී ගැනීමට තීරණය කළහ. ඒ දකුණු අප්‍රිකානු රෑන්ඩ් 425,00කටයි.


කුසල් මෙන්ඩිස්ට අමතරව යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුසංක ද ඩර්බන් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එක්කොට ගැනුණි. ජොහැන්ස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ක්‍රීඩක වෙන්දේසියට පෙරාතුවම මහීෂ් තීක්ෂණ සිය කණ්ඩායමට එක් කොට ගත්හ. ඒ අනුව එළඹෙන දකුණු අප්‍රිකානු ලීගයට ක්‍රීඩා කිරීමේ වරම් මෙන්ඩිස්, දිල්ෂාන් හා මහීෂ්ට හිමිවිය.

1,276 views0 comments