• Chathura Ramanayake

කෝලි හා රාහුල් පිළිබඳව හිටපු ශ්‍රී ලංකා නායකයකු අදහස් දක්වයි !!



හිටපු ඉන්දීය නායක විරාට් කෝලි එළඹෙන අගෝස්තු 27 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වීමට සූදානමින් පසුවෙයි. හිටපු ඉන්දීය නායක විරාට් කෝලි මෑත කාලීනව ක්‍රිකට් පිටියේ යම් පසුබෑමකට ලක්ව සිටින ආකාරය දැකගත හැකිවිය. විරාට් කෝලිගේ මෙම පසුබෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන අදහස් දක්වමින් සදහන් කොට ඇත්තේ එම පසුබෑම නැවැත්වීම සදහා උපාය මාර්ග කෝලි සතුව ඇති බවයි.


"මේ මොහොතේ විරාත් පසුකරන්නෙ අවාසනාවන්ත අවධියක්. නමුත් ඔහු දක්ෂ ක්‍රීඩකයෙක්. මම විශ්වාස කරනවා විරාත්ට එයින් ගොඩ ඒමට අවශ්‍ය මෙවලම් තියෙනවා. ඔහු අතීතයේදීත් එය කර තිබෙනවා. මට විශ්වාසයි ඔහු මේ තත්වයෙන් ගොඩ එයි කියලා. ඒ වගේම කියන්න ඕන Class එක සදාකාලික දෙයක්.නමුත් Form එක තාවකාලිකයි " යනුවෙන් මහේල ජයවර්ධන ICC Review හිදී අදහස් දක්වා ඇත.


එමෙන්ම ඉන්දීය ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල්ගේ වත්මන් දක්ෂතා පිළිබඳව කණස්සල්ලට පත්වන බවද මහේල ජයවර්ධන මහතා සදහන් කොට ඇත. ලෝකේෂ් රාහුල් අවසන් වු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දක්ෂතා අතරට පැමිණීමට සමත්වූ නමුත් එතැන් පටන් ආබාධයන් හා කොවිඩ් හේතුවෙන් ඔහුට කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කළ නොහැකි විය.


" රාහුල් නොමැති වීම ඉන්දියාවට පාඩුවක් වුණා. IPL තරගාවලියෙන් පස්සෙ ඔහු ඉන්දීය කණ්ඩායමේ දැකගන්න හම්බුන්නෑ. එය ඉන්දීය කණ්ඩායමේ මැදපෙලට බලපෑවා තරග වලදී. ඔහු ඉක්මනින් තරග ක්‍රීඩා කරලා ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න ඕනා. එය ඔහුට වගේම ඉන්දීය කණ්ඩායමටත් වැදගත් වේවි."

30 views0 comments