• Shaminda Jayarathne

කෝලිව සිම්බාබ්වේට එරෙහිව අවශ්‍යයි - ඉන්දියාව

මේ පසුකරන දින කිහිපය ඉන්දීය ක්‍රිකට් පිතිකරු විරාට් කෝලි ට නම් හොඳ දවස් කිහිපයක් වුණේ නෑ. එයට ප්‍රධාන හේතුව බවට පත්ව තිබෙන්නේ පසුගිය කාලයක් පුරාවට කෝලිගේ රිද්මය ගිලිහී ගොස් තිබීමයි. කෝලි නිමා වූ එංගලන්ත සංචාරයත් අසාර්ථක ක්‍රීඩකයෙක් ලෙසටම නිමා කළා.


තම ක්‍රිකට් ජීවිතයේ ප්‍රථම වතාවට එක දිගට ඉනිම් 5ක් ලකුණු 20 සීමාව ඉක්මවා යාමට අපොහොසත් වීම නිමා වූ එංගලන්ත තෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් පසුව බොහෝ දෙනාගේ කතා බහට ලක්ව තිබෙන ආකාරය දැකගන්නට ලැබුණා. මේ නිසාවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයත් විරාට් කෝලි සම්බන්ධව ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සොයමින් සිටිනවා.


එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහ ආසියානු කුසලාන තරඟාවලි සඳහා විරාට් කෝලිව එක් කර ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අදහස් කරගෙන සිටියත් ඔහුගේ රිද්මයේ පවතින අඩුපාඩු ප්‍රශ්නයක් නිර්මාණය කොට තිබෙනවා. මේ නිසාවෙන් විරාට් කෝලි එළඹෙන සිම්බාබ්වේ තරඟාවලිය ක්‍රීඩා කරමින් තමන්ගේ ගිලිහී ගොස් තිබෙන රිද්මය නැවත සොයා ගැනීමට උත්සාහ කළ යුතු යැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විශ්වාස කරන බව එරට මාධ්‍ය වාර්තා කොට සිටිනවා.


සිම්බාබ්වේට එරෙහිව එක්දින තරඟ තුනකට ලබන මාසයේදී ඉන්දියාව ක්‍රීඩා කිරීමට නියමිතයි. එම තරඟ තුන සඳහා ක්‍රීඩා කරන ඉන්දීය සංචිතය මෙතෙක් නම් කොට නෑ.

0 views0 comments