• Shaminda Jayarathne

කෝලිට තිබුණා මැසේජ් කරපු නැති කණ්ඩායම් සාමාජිකයන්වත් නම් කරන්න - ගවස්කාර්

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි විසින් නායකත්වයෙන් ඉවත් වූ විටදී තමන් හට කතා කලේ මහේන්ද්‍ර සිං දෝනි පමණක් බව ප්‍රකාශ කරමින් කී කතාව මේ වන විට සමස්ථ ක්‍රිකට් ලෝකයේම කතාබහක් නිර්මාණය කිරීමට සමත් වී තිබෙනවා.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ඉන්දීය නායකයෙක් වන සුනිල් ගවස්කාර් ප්‍රකාශ කොට සිටින්නේ කෝලි විසින් තමන්ට කතා නොකළ ක්‍රීඩකයන්ගේ නම් ද හෙළි කිරීම වඩාත් සුදුසු බවයි.


ගවස්කාර් ප්‍රකාශ කොට සිටින්නේ ක්‍රීඩා විවේකාගාරයේදී කතාබහ කරන අන්දම තමා දන්නා බවත් ඒ ආකාරයෙන් ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම ගැන තමා විමතියට පත් වන බවත් ය. එලෙස ප්‍රසිද්ධියේ මෙම තොරතුරු හෙළි කළේ මන්දැයි තමා සිතන බවත් ඉන්දියා ටුඩේ වෙතට අදහස් දක්වමින් සුනිල් ගවස්කාර් ප්‍රකාශ කොට සිටියා.


"අනෙක් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ක්‍රීඩා විවේකාගාරයේදී තිබෙන තත්ත්වය පිළිබඳව මම දන්නේ නෑ. මම හිතන්නේ සම්බන්ධ වූ එක පුද්ගලයෙක් ගැන ඔහු කියනවා වගේම සම්බන්ධ නොවුන අය ගැනත් ප්‍රකාශ කරන්න වෙනවා. එහෙම කියනවා නම් ඔහුත් එක්ක හැමෝම සම්බන්ධ වුණේ නෑ කියලා හිතන එකට පොඩි සාධාරණයක් වේවි. අදාල සියලුම දෙනාට එය සාධාරණයක් වේවි." ගවස්කාර් ප්‍රකාශ කොට සිටියා.

තමන් නායකත්වයෙන් ඉවත් වූ විටදී ඒ සම්බන්ධයෙන් සොයා බැලූ එකම තැනැත්තා එම් එස් දෝනි යැයි කියමින් කෝලි කල ප්‍රකාශය මේ වන විටදී ක්‍රිකට් පිටිය පුරාවට විවිධ මත පළ කරන පුවතක් වී අවසන්.

103 views0 comments