• Shaminda Jayarathne

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙතනින් කොයිබටද?

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එළඹෙන 2022/23 පාපන්දු තරඟවාරය සඳහා එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් සමගින් ක්‍රීඩා කිරීමට සූදානම් නොමැති බවට මේ දින වලදී විදෙස් මාධ්‍ය ප්‍රකාශ කොට සිටින ආකාරය දැකගැනීමට පුළුවන්. ඔහු මීළඟ තරඟවාරය සඳහා නව පාපන්දු ක්‍රීඩා සමාජයක් සොයමින් සිටින බවට වාර්තා වනවා.


මීට ප්‍රථම එංගලන්තයේ චෙල්සි සමගින් එක්වීමට ඔහු සූදානමින් පසුවන බවට පුවත් පළ වුවත් ඒවා නිළ වශයෙන් තහවුරු වුණේ නෑ. අනතුරුව රොනාල්ඩෝ ජර්මනියේ බයන් මියුනිච් සමගින් එකතු වනු ඇතැයි වාර්තා පළ වුණා. නමුත් බයන් මියුනිච් අධ්‍යක්ෂ මණ්ඩලය සහ පුහුණුකරු විසින් එම පුවත් ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තමන් රොනාල්ඩෝ ව එක් කර ගැනීමට කිසිඳු සූදානමක් නොමැති බවයි. ඔහු තම පැරණි ක්‍රීඩා සමාජය වන රියාල් මැඩ්රීඩ් හා එක් වීමට සූදානම් යැයි පුවත් පැතිර ගියත් එවාත් සත්‍ය වූයේ නෑ.


මේ වන විට නවතම ආරංචි අනුව රොනාල්ඩෝ 2022/23 තරඟවාරයේදී ස්පාඤ්ඤයේ ඇට්ලෙටිකෝ මැඩ්රීඩ් සමග එක් වීමේ සුදානමක් පවතින බවට සඳහන් වනවා. නමුත් මෙම වාර්තාද නිළ වශයෙන් තහවුරු කොට නෑ. කෙසේ වුවත් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම මේ වන විට පුහුණුවීම් සහ තරඟවාරයට පෙර පැවැත්වෙන සුහද තරඟ වලට එක් වෙමින් සිටියත් රොනාල්ඩෝ ඒවා සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කොට තිබුණා. ඔහු අවසන් වරට සමාජ මාධ්‍ය සඳහා මුදාහැරි ඡායාරූප වලින් දැක්වුණේ නිවසේ සිට පුහුණුවීම් කරන අන්දමයි.

0 views0 comments