• Shaminda Jayarathne

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ට පොලීසියෙන් අවවාද!

පෘතුගාල සහ එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායෙමේ ප්‍රකට ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට පසුගිය තරඟවාරයේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් අවවාද ලබා දීමට සිදුවී ඇති බවට වාර්තා වනවා. ඒ දරුවෙකුගේ ජංගම දුරකථනක් විනාශ කිරීම සම්බන්ධයෙනුයි.


පසුගිය තරඟවාරය මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයට එතරම් සුබදායී එකක් නොවූ අතරම ඔවුන්ට චැම්පියන්ස් ලීග් තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් අවසානයට පැවති තරඟ සියල්ලම පාහේ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වුණා. ඒ යටතේ පසුගිය අප්‍රේල් මස 9 වනදා එවර්ටන් සමග තීරණාත්මක තරඟයකට මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ක්‍රීඩා කළා.


නමුත් තරඟ ප්‍රතිඵලය වූයේ ගෝල 1-0 ක ජයග්‍රහණයක් එවර්ටන් කණ්ඩායමට හිමි වීමයි. මේ නිසාවෙන් මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩකයන් නැවත ක්‍රීඩාගාරයට ගමන් කළේ එතරම් සතුටකින් නොවේ. ඔවුන් එලෙස ක්‍රීඩාගාරයට ගමන් කරද්දී ප්‍රේක්ෂකයන් අතර සිටි දරුවෙක් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වෙතට තම ජංගම දුරකථනය දිගු කරමින් ඡායාරූපයක් ගැනීමට පැමිණෙන ලෙසට කෑගසමින් සිටියා.



රොනාල්ඩෝ ජංගම දුරකථනයට පහර දෙන ආකාරය

ඡායාරූපය - www.wion.com


නමුත් තරඟ පරාජයේ කෝපයෙන් සිටි රොනාල්ඩෝ ගේ ප්‍රතිචාරය වූයේ එම දරුවාගේ ජංගම දුරකථනයට පහරක් එල්ල කිරීමයි. මේ නිසාවෙන් බිම වැටුණු ජංගම දුරකථනය බිඳී ගොස් ඇති ආකාරයේ ඡායාරූපයන්ද ප්‍රසිද්ධ වුණා. මෙම සිදුවීම සම්බන්ධයෙන් රොනාල්ඩෝ වෙතට පොලිස් අවවාද ලබා දීමට කටයුතු කොට තිබෙන බවට ඊයේ දිනයේදී විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබුණා.

28 views0 comments