• Shahan Fernando

ක්‍රිකට් පිටියේ පතාක යෝධයන්ගෙන් සැදුම්ලත් LEGENDS සංචිතය නම්කෙරේ.

සැප්තැම්බර් මස 10වනදා ආරම්භ වීමට නියමිත ‍රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස් ලීග් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සංචිතය නම් කොට ඇත. කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට හිමිවී ඇත.


Image Source - Rode Safety World Series Facebook Page


ක්‍රීඩකයන් විසිදෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට හිටපු ශ්‍රී ලංකා විශිෂ්ඨයන් වූ සනත් ජයසූරිය, චමින්ද වාස්, නුවන් කුලසේකර හා උපුල් තරංග යන ක්‍රීඩකයන් ද ඇතුළත්ය.


ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ක්‍රීඩකයන් වන තිසර පෙරේරා, ඉසුරු උදාන, චාමර කපුගෙදර, දිල්රුවන් පෙරේරා යන ක්‍රීඩකයන් ඇතුළත්ය. මෙම තරගාවලිය ඔක්තෝබර් මස 1 වනදා තෙක් පැවැත්වෙයි.


ශ්‍රී ලංකා සංචිතය


තිලකරත්න ඩිල්ෂාන් (නායක)

සනත් ජයසූරිය

චමින්ද වාස්

උපුල් තරංග

නුවන් කුලසේකර

තිසර පෙරේරා

ඉසුරු උදාන

අසේල ගුණරත්න

චාමර කපුගෙදර

දිල්රුවන් පෙරේරා

ජීවන් මෙන්ඩිස්

ඉෂාන් ජයරත්න

දිල්ෂාන් මුණවීර

ධම්මික ප්‍රසාද්

චින්තක ජයසිංහ

චතුරංග සිල්වා

චාමර සිල්වා

කෞෂල්‍යය වීරරත්න

මහේල උඩවත්ත

රුමේෂ් සිල්වා

1,191 views0 comments