• Chathura Ramanayake

කාන්තා ICC තරගාවලියක සත්කාරකත්වය ශ්‍රී ලංකාවට !!



එළඹෙන ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරග ද්විත්වයම පැවැත්වෙන ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කොට ඇත. ඒ අනුව 2023 හා 2025 ලෝක කුසලාන අවසන් මහා තරග ද්විත්වයම එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. පසුගිය වසරේදීද ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීය. නමුත් කොවිඩ් බලපෑම් හමුවේ එම තරගය සෞත්හැම්ප්ටන්හිදී පැවැත්විණි.


එමෙන්ම ඉදිරි වසර 4 තුළදී පැවැත්වීමට නියමිත කාන්තා ICC ඉසව්වන්ද පැවැත්වෙන රටවල් ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව 2025 වසරේදී පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාවට හිමිවී ඇත. ඉන්දියාව කාන්තා ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වය දරනුයේ 2013 වසරෙන් පසුව වීම සුවිශේෂීය.


තවද 2024 හා 2026 යන වසර වලදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය බංග්ලාදේශයේදී හා එංගලන්තයේදී පැවැත්වෙනු ඇත. 2027 වසරේදී පළමු වරට පැවැත්වීමට නියමිත කාන්තා ශූරයන්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වී ඇත. විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියට කණ්ඩායම් 6ක් ක්‍රීඩා කිරීමට නියමිතය. නමුත් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමට අසමත් වුවහොත් සත්කාරකත්වය ශ්‍රි ලංකාවට අහිමි වනු බව ICCය සදහන් කොට ඇත.

133 views0 comments