• Chathura Ramanayake

කාන්තා ආසියානු කුසලාන තරගාවලියටත් දින නියම වෙයි !!!



කාන්තා ආසියානු කුසලාන තරගාවලිය මෙවර බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිතය. විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වෙන මෙවර තරගාවලිය ඔක්තෝබර් මස 1 වැනිදා සිට 16වනදා තෙක් පැවැත්වෙනු ඇත. තරගාවලියේ කාලසටහන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.


මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, තායිලන්තය, මලයාසියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරාග වැදීමට නියමිතය. එළඹෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය සැප්තැම්බර් මස අගදී පැවැත්වෙන අතර ඉන් පසුව ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වෙනු ඇත.


සෑම වසර 2කට වරක්ම ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වෙන අතර 2012 වසරේ සිට එය විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්විණි. තරගාවලියේ තරග Sylhet ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. අවසන් වරට 2018 වසරේදී පැවති ආසියානු කුසලාන තරගාවලියේ ජය හිමිකරගැනීමට සමත්වූයේද මෙවර සත්කාරකත්වය දරන බංග්ලාදේශයයි.

178 views0 comments