
Chathura Ramanayake
කැන්ගරුවන්ට එරෙහිව චන්දිමාල් වාර්තාවක් පිහිටුවයි !!!

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය මේ වන විටත් පැවැත්වෙයි. අද දිනයේදී සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කිරීමට හිටපු නායක දිනේෂ් චන්දිමාල් සමත් විය. ඒ අනුව වසර 11ක ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොදම ටෙස්ට් ඉනීම ක්‍රීඩා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත්කම් දැක්විය. පන්දු 326කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් හා හයේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 206ක් රැස්කිරීමට චන්දිමාල්ට හැකිවිය.
ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවකු ඉනීමක රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව බවට මෙය පත් විය. මින් පෙර එම වාර්තාවට හිමිකම් කී කුමාර් සංගක්කාර 2007 වසරේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 192ක් රැස්කොට තිබුණි.
ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ටෙස්ට් ඉනීමක වැඩිම ලකුණු රැස්කළ ශ්‍රී ලංකා පිතිකරුවන්
දිනේෂ් චන්දිමාල් - 206*
කුමාර් සංගක්කාර - 192
කුසල් මෙන්ඩිස් - 176
අරවින්ද සිල්වා - 167
තිලකරත්න ඩිල්ෂාන් - 147