• Chathura Ramanayake

කැන්ගරුවන් කල්තියාම ලෝක කුසලාන සංචිතය නම් කරයි !!!



මෙවර ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියට එක් වන ඕස්ට්‍රේලියානු සංචිතය අද දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව ආරොන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුතු ඕස්ට්‍රේලියානු සංචිතයට ක්‍රීඩකයන් 15ක් ඇතුළත්ය.


ලෝක කුසලාන තරගාවලියට නම් කෙරුනු ඕස්ට්‍රේලියානු සංචිතයට ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ද ඇතුළත්ය. එමෙන්ම වේගපන්දු යවන ක්‍රීඩකයන් වන මිචෙල් ස්ටාක්, පැට් කමින්ස්, ජෝෂ් හැස්ල්වුඩ් යන ක්‍රීඩකයන් ද ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ය.


මෙවර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සිංගප්පූරු ක්‍රීඩක ටිම් ඩේවිඩ්ව නම් කොට තිබීමද සුවිශේෂීය. ග්ලෙන් මැක්ස්වෙල්, ස්ටීව් ස්මිත්, මාකස් ස්ටෝනිස් හා මැතිව් වේඩ් යන පිතිකරුවන්ගෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමන්විතය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම පසුගිය වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ජයගත් අතර මෙවර තරගාවලියේ සත්කාරකත්වය දරනුයේද ඔවුන්ය.


ඕස්ට්‍රේලියානු සංචිතය

Aaron Finch (C)

Ashton Agar

Pat Cummins

Tim David

Josh Hazlewood

Josh Inglis

Mitchell Marsh

Glenn Maxwell

Kane Richardson

Steve Smith

Mitchell Starc

Marcus Stoinis

Matthew Wade

796 views0 comments