• Chathura Ramanayake

කැනඩා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය ශ්‍රී ලාංකිකයෙකුට !!!



කැනඩා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට ශ්‍රී ලාංකිකයෙකු පත් කොට ඇත. ඒ අනුව ශ්‍රී ලාංකිකයෙකු වන පුබුදු දිසානායක කැනඩා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය වෙනුවෙන් පත් කොට ඇත.


පුබුදු දිසානායක මින් පෙර නේපාල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළේය. එමෙන්ම එවරස්ට් ප්‍රිමියර් ලීගයේ බහිරව ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් ද කටයුතු කළේය. නේපාල ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වීමට පෙර ඔහු ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමේ පුහුණුකරුද විය.


පුබුදු දිසානායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 11කට හා එක්දින තරග 16කට ක්‍රීඩා කොට ඇත. එහිදී ජාත්‍යන්තර ලකුණු 211ක් රැස්කිරීමට ඔහුට හැකිවී ඇත. පුබුදු දිසානායක පළමු පෙළ ක්‍රිකට් පිටියේ ලකුණු 3840ක් රැස්කොට ඇති අතර A කොටසේ තරග වලදී ලකුණු 679ක් රැස්කොට ඇත.

0 views0 comments