• Chathura Ramanayake

කොදෙව් වේගපන්දු යවන්නෙකු වනිදුගේ වාර්තාවක් බිදහෙලයි !!!



සංචාරක ඉන්දීය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය ඊයේ දිනයේදී පැවැත්විණි. මෙම තරගයේදී වනිදු හසරංග සතුව තිබූ වාර්තාවක් අලුත් කරන්නට කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක ඔබේඩ් මැකෝයි සමත්කම් දැක්වීය. ඒ ඉන්දීය කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ හොදම පන්දු යැවීම වාර්තා කරමිනි.


මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් කොදෙව් කණ්ඩායම පළමුව පන්දු යැවීම තෝරාගත්හ. ඒ අනුව පිටියට පිවිසෙන ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 19 පන්දු 4කදී සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 138ක් පමණි. නායක රෝහිත් ෂර්මා ඊයේ දිනයේ ලකුණු නොලබා පළමු පන්දුවේදීම ක්‍රීඩාගාරයට හරවා යවන්නට ඔබෙඩ් මැකෝයිට හැකිවිය. එතැන් පටන් ඇරඹෙන මැකෝයිගේ කඩුලු දඩයම නිමාවට පත් වූයේ ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන් හයදෙනෙකුම ලකුණු 17ක් තුළදී ක්‍රීඩාගාරයේ තරග නරඹන්නන් බවට පත් කරමිනි.


මින් පෙර ඉන්දීය කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ හොදම පන්දු යැවීම වාර්තා කොට තිබුණේ ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංගයි. ඔහු ඉන්දීය කණ්ඩායමට එරෙහිව පසුගිය වසරේදී ලකුණු 9කට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය. ඊයේ දිනයේදී මෙම වාර්තාව තමා සතුකරගන්නට ඔබෙඩ් මැකෝයිට හැකි වූ අතර ඔහුගේ පන්දු යැවීම ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ හොදම පන්දු යැවීම් අතරෙහි හත්වැනි තැනට පත් විය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් පන්දුවාර 19 පන්දු 2කදී කඩුලු 5ක් දැවී නියමිත ඉලක්කය සපුරාලන්නට සමත් විය. බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් කිං පන්දු 52කදී හතරේ පහර 8ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 68ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග එක බැගින් ජයගනිමින් කණ්ඩායම් දෙකම සම තත්වයේ රැදීසිටියි.


ඉන්දියාව : 138/10 (19.2)

හර්දික් පාන්ඩ්‍යා 31(31),රවීන්ද්‍ර ජඩේජා 27(30)

ඔබේඩ් මැකෝයි 6/17, ජේසන් හෝල්ඩර් 2/23


බටහිර ඉන්දීය කොදෙව් : 141/5 (19.2)

බ්‍රෙන්ඩන් කිං 68(52), ඩෙවෝන් තෝමස්* 31(19)

රවීන්ද්‍ර ජඩේජා 1/16

2,705 views0 comments