• Chathura Ramanayake

කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරුවා ලෙජන්ඩ්ස් ලීගයට !!!



කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් මෙම වසරේදී පැවැත්වීමට නියමිත ලෙජන්ඩ්ස් ලීග් තරගාවලියේ දෙවන අදියර වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත බව අද දිනයේදී තහවුරු කොට ඇත. විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ලකුණු 10000 ඉක්මවා ඇති ක්‍රිස් ගේල් විස්සයි විස්ස වැඩිම ශතක, වැඩිම හයේ පහර, වේගවත්ම ශතකය යන වාර්තාහිද හිමිකරුවා බවට පත්ව ඇත.


තරගාවලියට සහභාගී වීම සම්බන්ධයෙන් නිළ නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිස් ගේල් මෙලෙසින් සදහන් කොට ඇත.

" මෙම ලීගයේ කොටසේ කරුවෙකු වීමට හා ක්‍රීඩාවේ නම රැදවූ ක්‍රීඩකයන් සමගින් මෙම තරගාවලියට ක්‍රීඩා කිරීමට ලැබීම මට ඉමහත් සතුටක්. ඉන්දියාවේදී ඔබව හමුවීමට සූදානම්."


මෙම වසරේදී ලෙජන්ඩ්ස් ලීග් තරගාවලිය ඉන්දියාවේ නගර 6ක් කේන්ද්‍ර කොටගනිමින් පැවැත්වීමට තහවුරු විය. ඒ අනුව මෙවර තරගාවලිය කොල්කටා, ලක්නව්, දිල්ලි, ජෝද්පූර්, කටක් හා රාජ්කොට් යන නගර මූලික කොටගනිමින් පැවැත්වීමට නියමිතය. තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මස 17 සිට ඔක්තෝබර් 8වනදා තෙක් පැවැත්වෙනු ඇත. කණ්ඩායම් හතරක් සහභාගී වන තරගාවලියට තරග 15ක් ඇතුළත්ය.

383 views0 comments