• Chathura Ramanayake

කොදෙව් දැවැන්තයන් දෙදෙනෙකුට ලෝක කුසලාන සංචිතයේ දොරටු වැසෙයි


එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කොට ඇත. මෙවර ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට පිවිසීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද පළමු වටයට ක්‍රීඩා කළ යුතුය.


බටහිර ඉන්දීය කොදෙව් සංචිතයෙන් විස්සයි විස්ස පිටියේ දැවැන්තයන් දෙදෙනෙකු ඉවත් කොට ඇත. විස්සයි විස්ස ලීග් ක්‍රිකට් පිටොයේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් දෙපළක් වන ඇන්ඩ්‍ර්‍ර රසෙල් හා සුනිල් නරායන්ට මෙලෙසින් කොදෙව් සංචිතයේ දොරටු වැසී ඇත. පසුගිය කල සීමාව තුළ ප්‍රධාන පුහුණුකරු හා රසෙල් අතර මත ගැටුම්ද දැකගත හැකිවිය.



නිකලස් පූරන්ගේ නායකත්වයෙන් යුතු බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට ක්‍රීඩකයන් 15ක් ඇතුළත්ය. කණ්ඩායමේ උපනායකත්වය රෝමාන් පවෙල්ට පැවරී ඇත. ඊවන් ලෙවිස්, ශිම්‍රන් හේට්මයර්, ජොන්සන් චාල්ස්, ඔබේඩ් මැකෝයි යන ක්‍රීඩකයන් ද මෙවර කොදෙව් ලෝක කුසලාන සංචිතයට ඇතුළත් ය.


කොදෙව් ලෝක කුසලාන සංචිතය

නිකලස් පූරන්

රෝමාන් පවෙල්

යානික් කරායාහ්

ජොන්සන් චාල්ස්

ශෙල්ඩන් කොට්‍රේල්

ශිම්‍රන් හේට්මයර්

ජේසන් හෝල්ඩර්

අකීල් හුසේන්

අල්සාරී ජෝසප්

බ්‍රෙන්ඩන් කිං

ඊවන් ලෙවිස්

කයිල් මේයර්ස්

ඔබෙඩ් මැකෝයි

ඔඩේන් ස්මිත්

රේමන් රීෆර්

758 views0 comments