• Chathura Ramanayake

කමිදුගේ පිත්තෙන් ශතකයක් වාර්තා වද්දී ගිහාන් සිරිසෝමගෙන් විශිෂ්ඨ පන්දු යැවීමක් !!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ තුන්දින තරගාවලිය ඊයේ දිනයේදී ආරම්භ විය. කණ්ඩායම් 26ක් කාණ්ඩ 2ක් ඔස්සේ තරග වදින තරගාවලියේ තරග 12ක් දෙවන දිනටත් අද දිනයේදී පැවැත්විණි.


හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජ පළමු ඉනීමේදී පානදුර ක්‍රීඩා සමාජයේ නිමේෂ් විමුක්ති කඩුලු 5ක් බිදහෙලන්නට සමත් විය. ඊයේ දිනයේදී නොදැවී ද්විත්ව ශතකයක් රැස්කොට සිටි අවිශ්ක පෙරේරාගේ විශිෂ්ඨ ඉනීම ලකුණු 236කදී නිමාවට පත් විය. අවිශ්කගේ ඉනීම හතරේ පහර 20ක් හා හයේ පහර 3ක් ඇතුළත් විය.


 කොළඹ ක්‍රීඩා සමාජය වෙනුවෙන් කමිදු මෙන්ඩිස් ලකුණු 147ක විශිෂ්ඨ ඉනීමක් ක්‍රීඩා කරන්නට විය. කමිදුගේ ඉනීම හතරේ පහර 14කින් හා එක් හයේ පහරකින් වර්ණවත් විය. කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ මොහොමඩ් ශිරාස් කැන්ඩි කස්ටම්ස් පළමු ඉනීම ලකුණු 70කට සීමා කළේ ලකුණු 25ට,කඩුලු 5ක් දවාගනිමිනි.


නාවික හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායමේ පළමු ඉනීම ලකුණු 113කට සීමා කරන්නට දායක වූ ගුවන් හමුදා ක්‍රීඩක ගිහාන් සිරිසෝම ලකුණු 41කට කඩුලු 7ක් බිදහෙලීය. යුධ හමුදා ක්‍රීඩා සමාජයේ කැලුම් නානායක්කාර ලකුණු 46කට කඩුලු 5ක් දවාගනිමින් බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනීම ලකුණු 95කදී නිමා කළේය. බදුරලිය ක්‍රීඩක අනුක් ප්‍රනාන්දු ලකුණු 138ක අගනා ඉනීමක් ක්‍රීඩා කරන්නට විය.


සැරසන්ස් ක්‍රීඩා සමාජය හා ඒස් කැපිටල්ස් ක්‍රීඩා සමාජය


ඒස් කැපිටල් පළමු ඉනීම : 471/10

ලසිත් ක්‍රෝස්පුල්ලේ 160, තානුක දාබරේ 133, නින්දා කාදම් 83

මොහොමඩ් දිල්ෂාඩ් 4/72, සඳුන් මෙන්ඩිස් 3/122, ඉසිත විජේසුන්දර 2/62


සැරසන්ස් පළමු ඉනීම :227/3

සිතාර ගිම්හාන් 71, නවිදු නිර්මාල්* 69

චානක දේවින්ද 2/63


පානදුර ක්‍රීඩා සමාජය හා හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය


පානදුර පළමු ඉනීම : 153/10

පවන් සන්දේෂ් 44, රොෂාන් විජේනායක 37

තිමිර ඉරුෂික 6/62, අවිඳු තීක්ෂණ 3/34


හලාවත මේරියන්ස් පළමු ඉනීම : 259/10

ජතාර් 64, අනුජ් ජොටින් 53

නිමේෂ් විමුක්ති 5/103, කෝෂාන් ජයවික්‍රම 4/58


පානදුර දෙවන ඉනීම : 103/4

පවන් සන්දේෂ් 41

පුලින තරංග 1/6


කෝල්ට්ස් ක්‍රීඩා සමාජය හා කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය


කෝල්ට්ස් පළමු ඉනීම : 506/4d

අවිශ්ක පෙරේරා 236 , හෂාන් දුමිදු 130, රවිදු රශන්ත *69

නිසල ආකාෂ් 2/103


කැන්ඩි කස්ටම්ස් පළමු ඉනීම : 70/10

චානක විජේසිංහ 10

මොහොමඩ් ශිරාස් 5/25, අකිල ධනංජය 3/11


කැන්ඩි කස්ටම්ස් දෙවන ඉනීම : 12/1


ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය හා එන් සී සී ක්‍රීඩා සමාජය


ටැමිල් යුනියන් පළමු ඉනීම : 307/10

සදීර සමරවික්‍රම 117, කමේෂ් නිර්මාල් 55

ලසිත් ඇඹුල්දෙණිය 4/108, අශේන් ඩැනියෙල් 3/72


එන් සී සී පළමු ඉනීම : 180/10

ලහිරු උදාර 71, කවීන් බණ්ඩාර 24

දිල්රුවන් පෙරේරා 3/45, කවිදු පතිරණ 2/30


ටැමිල් යුනියන් දෙවන ඉනීම : 54/1

සිතාර හපුහින්න 22


පොලිස් ක්‍රීඩා සමාජය හා බී ආර් සී ක්‍රීඩා සමාජය


පොලිස් පළමු ඉනීම : 172/10

චතුරංග කුමාර 39, නදීර බාලසූරිය 37

දුවිදු තිලකරත්න 3/35, දුෂාන් හේමන්ත 2/20


බී.ආර්.සී පළමු ඉනීම : 246/10

තිලකරත්න සම්පත් 55, දනාල් හේමනන්ද 51

නලින් ප්‍රියදර්ශන 4/85, ලහිරු දියන්ත 2/30


පොලිස් දෙවන ඉනීම : 116/2

හේෂාන් ප්‍රනාන්දු 54, රන්දුනු ගංගනාත්* 34

තිලකරත්න සම්පත් 2/18


කොළඹ ක්‍රීඩා සමාජය හා එස් එස් සී ක්‍රීඩා සමාජය


කොළඹ පළමු ඉනීම : 523/8d

කමිදු මෙන්ඩිස් 147, ලසිත් අබේරත්න 92, මිනෝද් භානුක 74, නිමේෂ් ගුණසිංහ 64

ලක්ෂිත රසාංජන 3/119, කලණ පෙරේරා 2/60


එස් එස් සී පළමු ඉනීම : 146/1

නිපුන් ධනංජය* 65, ක්‍රිෂාන් සංජුල 56

අශාන් ප්‍රියංජන් 1/22


ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය


ගුවන් හමුදා පළමු ඉනීම : 249/10

ආදිත්‍ය සිරිවර්ධන 69, උදයවංශ පරාක්‍රම 54

දිලන්ක 4/93, අයේෂ් දේවින්ද 3/76


නාවික හමුදා පළමු ඉනීම : 113/10

සහන් කෝසල 39

ගිහාන් සිරිසෝම 7/41, දුලාංජල මෙන්ඩිස් 2/22


ගුවන් හමුදා දෙවන ඉනීම : 200/6

සිතිජ චමෝද්* 69, උදේවංශ පරාක්‍රම 40

දේවින්ද අයේෂ් 3/71, දිලංක 2/62


නාවික හමුදා දෙවන ඉනීම : 18/1


යුධ හමුදා ක්‍රීඩා සමාජය හා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය


යුධ හමුදා පළමු ඉනීම : 256/10

දිනේෂ් චන්දිමාල් 152, අසේල ගුණරත්න 28

නිමේෂ් පෙරේරා 3/32,දිනෙත් සමරවීර 2/41


බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනීම : 95/10

ලහිරු මධුසංක 19

කැලුම් නානායක්කාර 5/46, ශෙහාද සොයිසා 2/5


යුධ හමුදා දෙවන ඉනීම : 179/4d

ශෙහාන් ප්‍රනාන්දු 49, අසේල ගුණරත්න 41

චානක කොමසෝරු 2/50


බ්ලූම්ෆීල්ඩ් දෙවන ඉනීම : 21/1


කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය හා කලුතර ක්‍රීඩා සමාජය


කුරුණෑගල යූත් පළමු ඉනීම : 237/10

මුදිත ප්‍රේමදාස * 93, ධනුෂ්ක ධර්මසිරි 54

ඉන්සක සිරිවර්ධන 3/28, තෙමාල් බණ්ඩාර 3/40


කලුතර පළමු ඉනීම : 261/9

සදීශ් ජයවර්ධන 49, කෝසල රවිදු 41

ලහිරු ජයරත්න 3/52 , නවීන් ජාගොඩ 2/67



බදුරලිය ක්‍රීඩා සමාජය හා මීගමුව ක්‍රීඩා සමාජය


බදුරලිය පළමු ඉනීම : 301/9

අනුක් ප්‍රනාන්දු 138, දුනිත් ජයතුංග 84,ගිහාන් රූපසිංහ 41

ධනුෂ්ක සදරුවන් 5/71, චානුර ප්‍රනාන්දු 1/35


මීගමුව පළමු ඉනීම : 80/10

මිසානූර් රහ්මාන් 35

චලන ද සිල්වා 6/41, නිර්මල රත්නායක 3/17


මීගමුව දෙවන ඉනීම : 124/3

දිමුත් සදරුවන් *47, ජටින් සක්සෙනා *41

අනුක් ප්‍රනාන්දු 2/26


රාගම ක්‍රීඩා සමාජය හා ගාල්ල ක්‍රීඩා සමාජය


රාගම පළමු ඉනීම : 332/10

නිෂාන් මදුෂ්ක 150,ඉෂාන් ජයරත්න 43

හරීන් බුද්දිල 3/72, රජිත් ප්‍රියාන් 4/81


ගාල්ල පළමු ඉනීම : 233/2

දිල්ෂාන් කාංචන 93, විනුර දුල්සර* 99

ශෂික දුල්ෂාන් 2/68


මුවර්ස් ක්‍රීඩා සමාජය හා ලන්ක්න් ක්‍රීඩා සමාජය


මුවර්ස් පළමු ඉනීම :500/8

පසිදු සූරියබණ්ඩාර 133, රමේෂ් මෙන්ඩිස් 78, සොහාන් ද ලිවේරා 75, රිසිර වීරසූරිය *67, මොහොමඩ් ශමාස් 52, ඉම්තියාස් ස්ල්සා 52

රජීව වීරසිංහ 3/118, යසිරු තාරක 2/34, යසිරු රොදිගු 2/75


ලන්ක්න් පළමු ඉනීම 157/7

දේශාන් ඩයස් 45, ශෙහාන් ප්‍රනාන්දු 40

තීසාන් විතුසාන් 2/9 දිනුක දිල්ෂාන් 2/37

477 views0 comments