• Shahan Fernando

"කණ්ඩායම වෙනුවෙන් තරඟ අවසන් කරුවෙක් වෙලා මම පිතිකරණ ලැයිස්තුවේ පහළට ගියා" - දසුන්.

ශ්‍රී ලංකාව බංග්ලාදේශය අතර උද්වේගකර ආසියානු කුසලාන සටනක් ඊයේ රාත්‍රියේ නිමාව දුටුවේ ශ්‍රී ලංකාවට මෙවර ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනා අතරට පිවිසීමේ වරම් හිමිකර දෙමින්.


කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර බංග්ලාදේශය සිය පළමු ඉනිමට ලකුණු 183ක දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නා.



එම ඉලක්කය පන්දුවාර 19 යි පන්දු 3ක් තුළ හඹායාමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණු අතර හඹායාම තුළදී විශිෂ්ඨ දක්ෂතා අතරට පැමිණිමට කුසල් පන්දු 37කින් ලකුණු 60ක් වාර්තා කළ කුසල් මෙන්ඩිස් සහ පන්දු 33කින් ලකුණු 45ක් වාර්තා කළ නායක දසුන් ශානක සමත්වුණා.


තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දසුන් ශානක මාධ්‍ය වෙත මේ ආකාරයෙන් අදහස් දැක්වූවා.


"අපේ ඉණිමේ මැද භාගය වෙද්දී මම පන්දුවට පහර දීමට පිටියට පිවිසෙන විට මම හිතුවේ මේ ඉලක්කය හඹායාම අපහසුයි කියලා. නමුත් කුසල් සහ මම පන්දුවට පහරදිගෙන යද්දී මට දැනෙන්න ගත්තා මේ ඉලක්කය හඹා යන්න පුළුවන් ඉලක්කයක් කියලා"
"මම හිතන්නේ ආරම්භක පිතිකරුවන් ඉතාමත් හොඳ කාර්යභාරයක් සිදුකලා. අපි කණ්ඩායම තුළ සාකච්ඡා කළා අපිට හොඳ ආරම්භක සම්බන්ඳතාවක් අවශ්‍යයි කියලා. මම හිතන්නේ අද තරඟය ජයග්‍රහණය කරන්න මූලික හේතුවක් වුණේ සාර්ථක ආරම්භක සබඳතාව."
"පිතිකරුවෙක් ලෙස මට අවශ්‍ය වුණත් පිතිකරණ ලැයිස්තුවේ තරමක් ඉහළින් ඇවිත් පන්දුවට පහර දෙන්න, මම හිතුවා කණ්ඩායම වෙනුවෙන් වඩාත්ම උචිත දේ මම තරඟ අවසන් කරන්නෙක් ලෙස පන්දුවට පහරදෙන එක කියලා. ඒ නිසා මම මගේ ස්ථානය කණ්ඩායම වෙනුවෙන් කැප කරලා මම පිතිකරණ ලැයිස්තුවේ පහළට ගියා. "

"චාමිකගේ දුවද්දී දැවීයාම සිදුවෙද්දී අපි හිතුවේ තරඟය පරාජයට පත්වෙයි කියලා. නමුත් අසිත විශිෂ්ට පහරවල් ද්විත්වයක් එල්ල කරමින් අපිට ජයග්‍රහණය අරගෙන ආවා. මේ තරුණ ක්‍රීඩකයින් සතුව විශාල හැකියාවක් තියෙනවා. මේ වාගේ දක්ෂතා දකින්න ලැබීම ගැන සතුටු වෙනවා."

යනුවෙන් තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී දසුන් සිය අදහසක් පළකළා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජයත් සමඟින් සුපිරි සිව්දෙනා ගේ වටයට සුදුසුකම් ලබාගත් අතර ඔවුන් සිය හෙට(3) දිනයේදී සිය පළමු තරඟයට මුහුණදීමට සූදානම්. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිවයි.

10,581 views0 comments