• Shahan Fernando

"කණ්ඩායමට මගෙන් අවශ්‍ය දේ මම දවසින් දවස ඉගෙනගන්නවා." - කුසල්.

ශ්‍රී ලංකාවට ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනා වටයේ දොරටු විවර කරදීමට ඊයේ දිනයේදී බංග්ලදේශයට එරෙහිව වාර්තා කළ විශිෂ්ඨ ජයග්‍රහණය සමත්වුණා. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 184ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් තුළ එම ඉලක්කය සපුරා ගත්තා.



ජයග්‍රාහී හඹායාම තුළ ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වුණ කුසල් මෙන්ඩිස් පන්දු 37ක් තුළ ලකුණු 60ක් රැස් කිරීමට සමත්වුණා. හතරේ පහර 4කින් සහ හයේ පහර 3කින් වර්ණවත් වුණු ඔහුගේ ඉණිමේ ප්‍රහාරාත්මක වේගය 162.16ක්.


ශ්‍රී ලංකාවට ජයග්‍රාහී සටනක් දියත් කිරීමට උරදුන් කුසල්ගේ ඉණිම හේතුවෙන් ඔහු තරඟයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබූ අතර තරඟයේ වීරයා සම්මානය ලබාගැනීමෙන් අනතුරුව කුසල් මෙලෙස අදහස් දැක්වුවා.


" පලමු පන්දුවාර කිහිපය තුළ මම මගේ සාමානය පිතිකර රටාව දියත් කළා. නමුත් ක්‍රමිකව මම ලොකු පහරවල් වලට යන්න තීරණය කළා. දැවී ගිය පන්දුව නිපන්දුවක් වීම නිසා නැවත පන්දුවට පහරදීමට ලැබීම සෑහෙන්න හොඳයි. "

" ලකුණු 60ක් ලබාගනිමින් කණ්ඩායම වෙනුවෙන් මගේ උපරිමය දෙන්න මට පුළුවන් වුණා. අන්තිම මාස 6 තුළ මම සෑහෙන්න පුහුණුවීම් කළා. දවසින් දවස මම අලුත් දේවල් ඉගෙනගන්නවා. කණ්ඩායමට මගෙන් වෙන්න ඕනේ මොකක්ද කියලා මම ඉගෙනගන්නවා. "

" ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ත ස්තුතිවන්ත වෙනවා දිගින් දිගටම අපේ කණ්ඩායමට සහයෝගය දැක්වීම වෙනුවෙන්. "

යනුවෙන් කුසල් මෙන්ඩිස් තරඟයේ වීරයා සම්මානය ලබාගැනීමෙන් අනතුරුව සිය අදහසක් ප්‍රකාශ කළා.

1,403 views0 comments