• Chathura Ramanayake

ඕස්ට්‍රේලියාව නවකයෙක් සමගින් විස්සයි විස්ස ලෝක කුසලානයට ?



එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කිරීමට නියමිත ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නවක ක්‍රීඩකයෙකු ඇතුළත් කිරීමේ සූදානමක් පවතින බව ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ පෙළේ පුවත් අඩවි කිහිපයක් වාර්තා කොට ඇත. ඒ අනුව එළඹෙන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සිංගප්පූරු ක්‍රීඩක ටිම් ඩේවිඩ් ඕස්ට්‍රේලියානු සංචිතයට ඇතුළත් කිරීමට නියමිත බවට එම මාධ්‍ය වාර්තා වල සදහන් ය.


විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇති පරිදි කොන්ත්‍රාත් ගත නොවූ ක්‍රීඩකයෙකු ලෙසින් ටිම් ඩේවිඩ් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතය. විසිහය හැවිරිදි වියෙහි පසුවන ටිම් ඩේවිඩ් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ද පසුගිය වසරේදී ක්‍රීඩා කළ අතර විස්සයි විස්ස පිටියේ ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙසින් ඔහු නම් දරා ඇත.


ටිම් ඩේවිඩ් මේ වන විට බිග්බෑෂ් ලීග් තරගාවලිය, පාකිස්තාන සුපිර් ලීග් තරගාවලිය, The Hundred තරගාවලිය, කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය යන විස්සයි විස්ස ලීග් තරගාවලීන්ට ක්‍රීඩා කොට ඇත. විස්සයි විස්ස ඉනීම 114ක් තුළ ලකුණු 2631ක් රැස්කිරීමට ටිම් ඩේවිඩ් සමත් වී ඇත්තේ 164ක ප්‍රහාරාත්මක වේගයක් හා 32.5ක පිතිකරණ සාමාන්‍යයක් රදවා ගනිමිනි.

106 views0 comments