• Chathura Ramanayake

ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නා සක්ලේන් මුෂ්‍ටාක්ගේ වාර්තාවක් බිදහෙලයි



ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ නව වාර්තාවක් පිහිටුවීමට සමත් විය. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තෙවන එක්දින තරගයේදී එක් කඩුල්ලක් දවාගනිමින් මෙම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වාර්තාව අලුත් කරන්නට මිචෙල් ස්ටාක් සමත් විය. අද දිනයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 141ක් පමණක් රැස්කළ අතර සිම්බාබ්වේ ක්‍රීඩකයන් කඩුලු 7ක් දැවී මෙම තරගයෙන් ජයග්‍රහණය කිරීමට සමත් විය.


ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අඩුම පන්දු ගණනකදී කඩුලු 200ක් දවාගත් පන්දු යවන්නා බවට පත් වන්නට මිචෙල් ස්ටාක් සමත් විය. ඒ අනුව ඔහු ජාත්‍යන්තර එක්දින කඩුලු 200ක් දවාගැනීමට පන්දු පන්දු 5240ක් යොමු කොට ඇත.


මින් පෙර එම වාර්තාව පාකිස්තාන දගපන්දු යවන ක්‍රීඩක සක්ලේන් මුෂ්‍ටාක් සතුවිය. ඔහු ජාත්‍යන්තර කඩුලු 200ක් දවාගැනීමට පන්දු 5457ක් වැයකොට තිබුණි. ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී මෙම ලැයිස්තුවේ තෙවන ස්ථානයේ රැදී සිටින අතර ඔහු ජාත්‍යන්තර කඩුලු 200ක් දවාගැනීමට පන්දු 5640ක් වැයකොට ඇත.


ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අඩුම පන්දු ගණනකින් කඩුලු 200ක් දවාගත් පන්දු යවන්නන්


මිචෙල් ස්ටාක් - පන්දු 5240

සක්ලේන් මුෂ්‍ටාක් - පන්දු 5457

බ්‍රෙට් ලී - 5640

වකාර් යුනිස් - 5883

ශොයිබ් අක්තාර් - 6102

3,111 views0 comments