• Chathura Ramanayake

ඕස්ට්‍රේලියානු නවකයා තීරණාත්මක සධකයක් බවට පත් වේවිද ?


ටිම් ඩේවිඩ්ට, ඉන්දියාවට එරෙහිව පැවති පළමු විස්සයි විස්ස තරගයේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් හිමිවිය.  ඔහු මීට පෙර 2019 සහ 2020 දී ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ වලදී සිංගප්පූරුව නියෝජනය කළ අතර, විස්සයි විස්ස ලීග් පිටියේ තරග අවසන් කරන්නෙකු ලෙස ඉතා හොඳින් දස්කම්  පාන්නට ඔහුට හැකිවිය.

ඉදිරියේදී අංක 6 පිතිකරුවෙකු ලෙස යොදා ගත හැකි නම්, තීරණාත්මක සාධකයක් බවට පත් වන්නට ටිම් ඩේවිඩ්ට හැකි බව ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන විශ්වාස කරයි.


" ඕස්ට්‍රේලියාවට ඉතා හොඳ පිතිකරණ පෙළගැස්මක් තියෙනවා. අවශ්‍ය විටකදී දැවැන්ත  පහරවල් කරා යොමුවීමට හැකි පිතිකරුවකු අංක 6 පිතිකරණ ස්ථානයේ යොදාගැනීමට අවශ්‍ය නම්, එහිදී ටිම් ඩේවිඩ් තීරණාත්මක සාධකයක් වේවි."

2021 වසරේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ටිම් ඩේවිඩ් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ අතර එහිදී ලකුණු 186ක් රැස්කිරීමට සමත් වූයේ 216ක ප්‍රහාරාත්මක වේගයක් රදවාගනිමිනි. ටිම් ඩේවිඩ් සමගින් මුම්බායි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් මහේල ජයවර්ධන කටයුතු කළේය.



ඔහු ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරග වලදී විස්සයි විස්ස පිටියේ දැවැන්තයන් ඇසුරු කරල තියෙනවා. වසර දෙක, තුනකට පෙර ඔහු ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්, ඒ එමෙන්ම ඔහු එංගලන්තයේ ලීග් ක්‍රිකට් ක්‍රීඩා කලා. ඊට පස්සේ එකපාරටම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් හරහා ඔහු ඉදිරියට ඇවිල්ලා තියෙනවා.  එබැවින් ක්‍රිකට් ක්‍රීඩාව ඔහුට පහසුයි.  ඔහු සාමාන්‍ය ආකාරයට ක්‍රීඩා කරනවා.
ඔහු කලින් තරගයේ දේවල් ඉතා ඉක්මනින් අමතක කරල ඊළඟ තරගයට යනවා. ඔහුට තරගාවලියකට අනුවර්තනය වීමේ හැකියාව තියෙනවා. ඔහුව ලෝක කුසලාන තරගාවලියට රැගෙන යාම ඉතා වටිනවා. ඔහු ඕනෑවට වඩා සිතන්නෑ. ඔහු තමන්ගෙ අවස්ථාව අරගෙන කළ හැකිදේ මොකක්ද කියල බලනවා."

88 views0 comments