• Chathura Ramanayake

ඔවුන් හිතන්නෙ ඔවුන් සුපිරි තරු කියලා - ජාවෙඩ් මියන්ඩාඩ්


ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ තරගය පසුගියදා පැවැත්විණි. මෙම තරගය උණුසුම් මුහුණුවරක් ගත් අතර අවසානයේදී එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකරගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. තරගය අතරතුර අසිෆ් අලී හා ෆරීඩ් මලික් අතර ක්‍රීඩාංගණය මධ්‍යයේ උණුසුම් තත්වයක්ද හටගත් අතර තරගයෙන් අනතුරුව ප්‍රේක්ෂකයන් අතරද ගැටුම් ඇතිවූ ආකාරය දැකගත හැකිවිය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු පාකිස්තාන සුපිරි පිතිකරු ජාවෙඩ් මියන්ඩාඩ් අදහස් දක්වා ඇත. ඇෆ්ගනිස්තානය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ අවධියේදී පාකිස්තානයේ පුහුණුවීම් කළ නිසාත් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන්ට තමා පෞද්ගලිකව පුහුණුවීම් ලබදුන් නිසාත් මෙම හැසිරීම තමාව රිදවූ බව ජාවෙඩ් මියන්ඩාඩ් සදහන් කොට ඇත.


" පාකිස්තානය ක්‍රීඩා කළ ආකාරය ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම ප්‍රතිවාදීන් ගැන මම ගොඩක් කළ කිරිලා ඉන්නේ. මොකද ඔවුන්ගේ හැසිරීම ගොඩක් නරකයි. මේ අය පාකිස්තානයේ පුහුණුවීම් කළා.ඔවුන්ගේ භාෂාව බලන්න. ඔවුන්ගේ මුහුණු දිහා බලන්න. ඔවුන්ට මොනවද ඕනෙ? ඔවුන් තමන් ලොකු අය කියල සලකනවද ? "
" ඔවුන් අපෙන් ඉගෙන ගෙන තියෙනවා. මම ඔවුන්ට පෞද්ගලිකව පුහුණුවීම් ලබාදීල තියෙනවා. මට එදා තරගයේදී ගොඩක් තරහ ගියා ඔවුන් හැසිරුණු විදිය දැකලා. ඔවුන් සුපිරි තරු කියල ඔවුන් හිතනවා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න. තව ඉගෙනගන්න. ඔබ නිහතමානී වගේම අවංක වෙන්න ඕන. එ වගේම ගරු කරන්න ඉගෙන ගන්න."

6,603 views0 comments