• Chathura Ramanayake

එංගලන්ත සුපිරි පිතිකරුවා ඇතුළු ප්‍රභලයන් තිදෙනකු පර්ල් කණ්ඩායමට !!!



දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් හදුන්වා දුන් නව ලීග් තරගාවලියේ කණ්ඩායමක් වන පර්ල් රෝයල්ස් කණ්ඩායම විසින් ගිවිසුම් ගත ක්‍රීඩකයන් නිවේදනය කොට ඇත. නමුත් ඔවුන් අද දිනයේදී නිවේදනය කොට ඇත්තේ ක්‍රීඩකයන් සිව්දෙනෙකු පමණි. පර්ල් කණ්ඩායමේ හිමිකාරීත්වය දරනුයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකරුවන් විසිනි.


ඒ අනුව ගිවිසුම් ගත ක්‍රීඩකයන් අතරට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් දෙදෙනෙකු , කොදෙව් ක්‍රීඩකයෙකු හා එක් එංගලන්ත ක්‍රීඩකයෙකු ඇතුළත්ය. මෙම ක්‍රීඩකයන් සිව්දෙනා අතරට එංගලන්ත සුපිරි ක්‍රීඩක ජෝස් බට්ලර්, දකුණු අප්‍රිකානු ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් මිලර්, කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක ඔබේ මැකෝයි හා දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් නොලද කෝබින් බොෂ් යන යන ඇතුළත්ය.


මෙම ලීගයේ නීති රීති වලට අනුව ක්‍රීඩක වෙන්දේසියට පෙර සෑම කණ්ඩායමක්ම ක්‍රීඩකයන් පස්දෙනෙකු සමගින් ගිවිසුම් ගත විය යුතුය. නමුත් පර්ල් රෝයල්ස් කණ්ඩායම අද දිනයේදී නිවේදනය කළ ක්‍රීඩකයන් අතරට විදෙස් ක්‍රීඩකයෙකු ඇතුළත් වී නොමැත. නිවේදනය කළ යුතු ක්‍රීඩකයන් පස්දෙනා අතරට එක් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක්, දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් නොලද ක්‍රීඩකයෙක් හා විදෙස් ක්‍රීඩකයන් තිදෙනකු බැගින් ඇතුළත් විය යුතුය.

474 views0 comments