• Chathura Ramanayake

එංගලන්ත වේගපන්දු යවන්නන් දෙදෙනාට නව වගකීමක් පැවරෙන ලකුණු ?

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පසුපෙළ කාර්ය මණ්ඩලය කප්පාදු කිරීමට අපේක්ෂා කරන බවට එරට මාධ්‍ය වාර්තා කොට ඇත.


ඒ හේතුවෙන් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩකයන් වන වන ජේම්ස් ඇන්ඩර්සන් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් පුහුණුකරුවන් බවට පත් කළ හැකි සැලැස්මක් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සකසමින් සිටින බව වාර්තා වේ.



40 හැවිරිදි ඇන්ඩර්සන් සහ 36 හැවිරිදි බ්‍රෝඩ් වඩාත් පළපුරුදු එංගලන්ත පන්දු යවන්නන් වන අතර ඔවුන් ලොව වැඩිම කඩුලු දවාගත් වේග පන්දු යවන්නන් අතරටද ඇතුළත්.


ඔවුන්ගේ දශක ගණනාවක පළපුරුද්ද හේතුවෙන් ඔවුන් දෙදෙනාට නව භූමිකාවක් ලබා දීමට ඇති හැකියාව පිළිබඳව එංගලන්ත ක්‍රිකට් ආයතනය සලකාබලමින් සිටින බවට Daily Mail පුවත්පත වාර්තා කොට ඇත.


ජෝන් ලුවිස් වෙනුවට ප්‍රවීන පන්දු යවන්නන් යොදාගැනීමට නියමිත බව එම වාර්තාවේ සදහන්.


පෙබරවාරි මාසයේ නවසීලන්තයේ පැවැත්වෙන ටෙස්ට් තරග සංචාරයේදී ඇන්ඩර්සන් සහ බ්‍රෝඩ් හට මෙම නව භූමිකාව ඉටුකිරීමට සිදුවනු ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.


ඔවුන් දෙදෙනා පසුගිය ටෙස්ට් තරග හතේදී තම කාර්යභාරය ඉටු කළ ආකාරය ගැන මැකලම් සහ නායක බෙන් ස්ටෝක්ස්ගේ පැසසුමට ලක්ව ඇත. ඉන් තරග 6ක් එංගලන්තය ජයගත් අතර ඔලී රොබින්සන් වෙත ඔවුන්ගේ දැනුමද ලබාදී ඇත.


112 views0 comments