• Chathura Ramanayake

එංගලන්ත ලෙජන්ඩ්ස් පිළට එරෙහිව ටෙන්ඩුල්කාර්ගෙන් ප්‍රහාරාත්මක ඉනීමක් !!!

Road Safety ලෝක ශූරතා තරගාවලියේ 14වන තරගය ඊයේ රාත්‍රියේදී පැවැත්විණි. ඒ ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම අතරයි. වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භය මදක් ප්‍රමාද වූ නිසාවෙන් පන්දුවාර 15කට එක් ඉනීමක් සීමා විය.


තරගයේ කාසියේ වාසිය හිමිකරගත් එංගලන්ත නායක ඉයන් බෙල් පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.ඒ අනුව පිටියට පිවිසෙන ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 15 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 170ක් රැස්කිරීමට සමත් විය.ඉන්දියා ලෙජන්ඩ්ස් නායක සචින් තෙන්ඩුල්කාර් පන්දු 20කදී හතරේ පහර හා හයේ පහර 3 බැගින් එල්ල කරමින් ලකුණු 40ක් රැස්කිරීමට සමත් විය.



යූසුෆ් පතාන් හා යුවරාජ් සිං හතරේ පහරක් හා හයේ පහර 3ක් බැගින් එල්ල කරමින් පිළිවෙලින් ලකුණු 27ක් හා 31ක් ඉන්දීය ඉනීමට එක් කළහ. පන්දු යැවීමේදී එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් ස්ටෙපාන් පැරී ලකුණු 19කට කඩුලු 3ක් බිදහෙලීය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 15 තුළ කඩුලු 6ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 130ක් පමණි. එංගලන්තය වෙනුවෙන් පිල් මස්ටර්ඩ් ලකුණු 29ක්ද ක්‍රිස් ටේම්ලට් නොදැවී ලකුණු 24ක්ද රැස්කළහ. ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් රාජේෂ් පවාර් ලකුණු 12කට ප්‍රතිවාදී කඩුලු 3ක් බිදහෙලීය. තරගයේ වීරයා ලෙසින් සචින් තෙන්ඩුල්කාර් සම්මානයට පාත්‍ර විය







95 views0 comments