• Chathura Ramanayake

එංගලන්ත යොවුන් පිළ පළමු දිනයේ පාලනය සියතට ගනී..



සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර දෙවන යොවුන් ටෙස්ට් තරගය අද ආරම්භ විය. ඩර්බිහිදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් එංගලන්ත යොවුන් පිළ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ. ඒ අනුව ඉනීම ආරම්භ කරමින් හැරී සිං සමගින් නායක බෙන් මැකින්නි පිටියට පිවිසියහ.


ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 45ක් එක් කරද්දී පළමු කඩුල්ල ලෙසින් නායක බෙන් මැකින්නි ලකුණු 22කට දවාගැනීමට වනුජ සහන් සමත් විය. රෝස් වයිට්ෆීල්ඩ් ලකුණු 2කට දවාගැනීමට නැවතත් ක්‍රියාත්මක වූ වනුජ සහන්ට හැකි විය. ජේම්ස් රේව්ද ලකුණු 9කදී දවාගැනීමට දුවිදු රණතුංගට හැකිවිය.


අනතුරුව හැරී සිං සමගින් පිටියේ එක්වූ මැතිව් හස්ට් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 202ක සබදතාවක් ගොඩනගන්නට විය. දිනයේ 88වන පන්දුවාරයේදී එම සබදතාවය බිදහෙලන්නට සහන් මිහිරාන්ට හැකිවිය. මැතිව් හස්ට් පන්දු 189කදී හතරේ පහර 11ක් සමගින් ලකුණු 116ක් රැස්කිරීමට සමත් විය.


හිටපු ඉන්දීය ක්‍රීඩක ආර්.පී.සිංගේ පුත්‍රයා වන ආරම්භක පිතිකරු හැරී සිං අද දිනය අවසානයේදී හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 98ක් රැස්කිරීමට සමත් විය. එංගලන්ත පළමු ඉනීම දිනය අවසානයේදී දිස්වූයේ ලකුණු 268කට කඩුලු 4ක් ලෙසිනි.


Image Source : Rex Clementine

55 views0 comments