• Chathura Ramanayake

එංගලන්ත යොවුන් පිතිකරු ජෝජ් බෙල්ගෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ශතකයක් !!!



සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පළමු සිව්දින ටෙස්ට් තරගය අද ආරම්භ විය. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ. ඒ අනුව පිටියට පිවිසෙන එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනීම වෙනුවෙන් සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 387ක ලකුණු පුවරුවක් නිර්මාණය කරන්නට සමත් විය.


එංගලන්ත ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ජෝජ් බෙල් පන්දු 96ක් තුළදී හතරේ පහර 16ක් සමගින් ලකුණු 107ක් රැස්කිරීමට සමත් විය. රෝස් වයිට්ෆීල්ඩ් පන්දු 106කදී හතරේ පහර 8ක් හා හයේ පහරක් සමගින් ලකුණු 86ක් රැස්කළේය. ජෝජ් බෙල් හා රෝස් වයිට්ෆීල්ඩ් එක්ව තෙවන කඩුල්ලට ලකුණු 185ක විශිෂ්ඨ සබදතාවක් ගොඩනගන්නට සමත් විය.


අංක නවය පිතිකරු ලෙසින් පිටියට පිවිසෙන බර්ටී ෆෝමන් පන්දු 56කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 58ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී දුවිදු රණතුංග පන්දුවාර 17ක් තුළ ලකුණු 100ට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය. තවද වනුජ සහන් හා දුලාජ් සමුදිත කඩුලු 2 බැගින් බිදහෙලීය.


පිළිතුරු ලෙසින් සිය පළමු ඉනීම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 25ක් රැස්කොට සිටියහ. අසිත වන්නිනායක නොදැවී ලකුණු 13ක් රැස්කොට කඩුල්ලේ රැදී සිටියි.


548 views0 comments