• Chathura Ramanayake

එංගලන්ත යෞවනයෝ දෙවන තරගය ලකුණු 7කින් ජය ගනී !!!


සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ව්තර දෙවන එක්දින තරගය ඊයේ දිනයේදී පැවැත්විණි.තරගයේ කාසියේ වාසිය හිමිකරගත් එංගලන්ත යොවුන් පිළ ශ්‍රී ලංකා කණ්ඩායමට පිතිකරණයට ආරාධනා කළහ.


ඒ අනුව පිටියට පිවිසෙන ශ්‍රී ලංකා ඉනීමේ පළමු කඩුලු 2ක ලකුණු 22ක් තුළ බිද වැටෙද්දී තෙවන කඩුල්ලට ලකුණු 125ක සබදතාවක් ගොඩනගන්නට රනුද සෝමරත්න හා හසිත අමරසිංහට හැකිවිය. ආරම්භක පිතිකරු හසිත අමරසිංහ පන්දු 81කදී හතරේ පහර 7ක් සමගින් ලකුණු 71ක් රැස්කළේය.


ශ්‍රී ලංකා ඉනීමේ නැංගුරම බවට පත් වූ රනුද සෝමරත්න පන්දු 81ක් තුළ හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 80ක් රැස්කිරීමට සමත් විය. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වද්දී ශ්‍රී ලංකා ඉනීම පන්දුවාර 35කට සීමා විය. ශ්‍රී ලංකා යොවුන් පිළ පන්දුවාර 35 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 211ක් රැස්කළ අතර අංජල බණ්ඩාර නොදැවී ලකුණු 31ක් රැස්කළේ පන්දු 23ක් තුළ හතරේ පහර 4ක් එල්ල කරමිනි.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන එංගලන්ත කණ්ඩායම පන්දුවාර 31 පන්දු 3ක් තුළ කඩුලු 6ක් දැවී ලකුණු 202ක් රැස්කොට සිටියදී තරගය නවතා දැමුණි. ඒ වන විට එංගලන්තයට ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍යව තිබුණේ ලකුණු 195ක් පමණි. ඒ අනුව මෙම තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 7ක ජයක් එංගලන්ත යොවුන් කණ්ඩායමට හිමිවිය.


එංගලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකරු ජෝජ් තෝමස් පන්දු 82කදී හතරේ පහර 5ක් හා හයේ පහර 4ක් සමගින් ලකුණු 82ක් රැස්කළ අතර නොදැවුනු ඉනීමක් ක්‍රීඩා කළ ජෝසප් එක්ලන්ඩ් පන්දු 45කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 48ක් රැස්කළේය.

Sri Lanka under 19’s: 211 for 6 wickets in 35 overs (Hasitha Amarasinghe 71, Ranuda Somaratne 81, Anjala Bandara 31*, Thomas Aspinwall 2/44)


England under 19’s: (target 195 runs in 31.3 overs) 202 for 6 wickets in 31.3 overs George Thomas 86, Joseph Eckland 48*, Shevon Daniel 1/10, Wanuja Sahan 1/30)

910 views0 comments