
Chathura Ramanayake
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම වසර 17කට පසු පාකිස්තානයට !!

එංගලන්ත කණ්ඩායම දිගු විස්සයි විස්ස තරගාවලියක් වෙනුවෙන් පාකිස්තාන තරග සංචාරයකට එක් වීමට නියමිතය. ඒ අනුව එංගලන්ත කණ්ඩායමක් පාකිස්ථානයේ තරග සංචාරයකට එක්වනුයේ වසර 17කින් පසුව වීමද මෙහිදී සුවිශේෂීය. මෙම තරගාවලියට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 7ක් ඇතුළත්ව ඇත.
මෙම තරග හතකින් යුතු විස්සයි විස්ස තරගාවලිය සැප්තැම්බර් මස 20වනදා ආරම්භ වන අතර ඔක්තෝබර් මස 2වනදා තෙක් තරගාවලිය පැවැත්වෙයි. තරගාවලියේ පළමු තරග 4 කරච්චි ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අනික් තරග තුන ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම විස්සයි විස්ස තරගාවලිය එංගලන්ත කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ පළමු කොටසට ඇතුළත්ය. ඉන් අනතුරුව කණ්ඩායම් ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කරන අතර දෙසැම්බර් මාසයේදී දෙරට අතර ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙයි.
විස්සයි විස්ස කාලසටහන
Tuesday, 20 Sep – 1st T20I, Karachi
Thursday, 22 Sep – 2nd T20I, Karachi
Friday, 23 Sep – 3rd T20I, Karachi
Sunday, 25 Sep – 4th T20I, Karachi
Wednesday, 28 Sep – 5th T20I, Lahore
Friday, 30 Sep – 6th T20I, Lahore
Sunday, 2 Oct – 7th T20I, Lahore