• Chathura Ramanayake

එංගලන්තයත් පාකිස්තානයත් අතර පබ්ජී සටන ඇරඹේ.

එංගලන්ත කණ්ඩායම වසර 17කට පසුව පාකිස්තානයේදී පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතය. දෙරට අතර තරග 7කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය හෙට දිනයේදී කරච්චිහිදී ආරම්භ වීමට නියමිතය.


එංගලන්තය අවසන් වරට පාකිස්තානයේ තරග සංචාරක නිරත වූයේ 2005 වසරේදීය. තරගාවලියේ පළමු තරග හතර කරච්චිහිදී ද අවසන් තරග 3 ලාහෝර්හිදී ද පැවැත්වීමට නියමිතය.


පාකිස්තාන එංගලන්ත විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් PUBG mobile අනුග්‍රාහකත්වය සපයයි. ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකට දුරකතන ක්‍රීඩා ආයතනයක් අනුග්‍රාහකත්වය සපයන පළමු තරගාවලිය බවට මෙය පත්වනු ඇත.



හෙට තරගය වෙනුවෙන් පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරණයේ වෙනස්කමක් සිදුවිය හැකි බව එරට මාධ්‍ය වාර්තා කොට ඇත. ඒ අනුව හෙට දිනයේදී මොහොමඩ් රිස්වාන් වෙනුවට ශාන් මසූඩ්, බාබර් අසාම් සමගින් පාකිස්තාන ඉනීම ඇරඹීමට සූදානමින් පසුවන බවට වාර්තා වෙයි.

458 views0 comments