• Chathura Ramanayake

එංගලන්තයට යන යොවුන් සංචිතය නම් කරයි !!!



ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායම එක්දින හා ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන් එංගලන්ත තරග සංචාරයකට එක්වීමට නියමිතය. මෙම තරග සංචාරය අගෝස්තු හා සැප්තැම්බර් යන කාල සීමාව තුළදී පැවැත්වෙයි. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට යොවුන් එක්දින තරග 3ක් හා ටෙස්ට් තරග 2ක් ඇතුළත්ව ඇත.


ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම එළඹෙන අගෝස්තු මස 14වනදා එංගලන්තයට යාමට නියමිත අතර අගෝස්තු මස 16වනදා සිට 18වනදා තෙක් එංගලන්ත යොවුන් ලයන්ස් කණ්ඩායම සමගින් තෙදින පුහුණු තරගයක් පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව අගෝස්තු මස 21වනදා යොවුන් ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට නියමිතය.


තරගාවලිය සදහා එක්වන වයස අවුරුදු 19න් පහළ යොවුන් සංචිතය අද දිනයේදී ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව එම යොවුන් කණ්ඩායමේ නායකත්වය නාලන්ද විද්‍යාලයීය ක්‍රීඩක රවීන්ද සිල්වාට හිමිවී ඇත. ක්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් සමන්විත යොවුන් සංචිතයට පාසල් ක්‍රිකට් පිටියේ දස්කම් පෑ ක්‍රීඩකයන් රැසක් ඇතුළත්ය.


එංගලන්ත තරග සංචාරයට නම් කළ යොවුන් සංචිතය

රවීන් ද සිල්වා (නායක) ,ශෙවෝන් ඩැනියෙල් ,අභිශේක් ලියනාරච්චි, පවන් පතිරාජ, රනුද සෝමරත්න, සදීෂ රාජපක්ෂ ,අංජල බණ්ඩාර ,ලහිරු දවටගේ, වනුජ සහන්, විනුජ රන්පුල් ,අසිත වන්නිනායක ,හසිත අමරසිංහ ,කැනිස්ටම් ගුණරත්නම් ,මල්ෂ තරුපති ,දුවිදු රණතුංග ,ශාන් මිහිර ,දුලාජ් සමුද්‍රිත ,ට්‍රෙවින් මැතිව්

147 views0 comments