• Chathura Ramanayake

එක්සත් අරාබි ලීගයේ කොල්කටා පිළට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක් !!!



එක්සත් අරාබි එමීර් ලීගයේ කොල්කටා නයිට්‍රයිඩර්ස් කණ්ඩායමේ හිමිකරුවන් සතු කණ්ඩායමේ ගිවිසුම් ගත ක්‍රීඩකයන් ලැයිස්තුව අද දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකු ඇතුලත් වීම සුවිශේෂීය.


මෙම කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු ඇන්ඩ්‍ර්‍ර රසෙල් ඇතුලු ප්‍රභල ක්‍රීඩකයන් රැසක් ඇතුළත්ය. මෙම කණ්ඩායමට ඇතුළත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනා වනුයේ චරිත් අසලංක, ලහිරු කුමාර හා සීක්කුගේ ප්‍රසන්නයි.


කණ්ඩායමට ඇතුළත් සෙසු ක්‍රීඩකයන් වනුයේ සුනිල් නරායන්, පෝල් ස්ටර්ලින්, කොලින් ඉන්ග්‍රම්,ජොනී බෙයාස්ටෝ, අකීල් හුසේන් යන ක්‍රීඩකයන්ය. අද දිනයේදී ප්‍රකාශයට පත් කළ එක්සත් අරාබි එමීර් ලීගයේ කොල්කටා පිළෙහි ක්‍රීඩකයන් 14 දෙනා පහත පරිදිය.


සුනිල් නරායන්,ඇන්ඩ්‍ර රසෙල්, ජොනී බෙයාස්ටෝ, පෝල් ස්ටර්ලින්, චරිත් අසලංක, කොලින් ඉන්ග්‍රම්, ලහිරු කුමාර, අකීල් හුසේන්, සීක්කුගේ ප්‍රසන්න, රවී රම්පෝල්, රේමන් රීෆර්, කෙනාර් ලෙවිස්, අලී ඛාන්, බ්‍රැන්ඩන් ග්ලෝවර්

1,067 views0 comments