• Chathura Ramanayake

එක්සත් අරාබි එමීර් ලීගයේ ඩුබායි පිළට ශ්‍රී ලංකා ප්‍රභලයෙක් !!!



එක්සත් අරාබි එමීර් ලීගයේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායමට ශ්‍රී ලංකා සීමිත පන්දුවාර විස්සයි විස්ස නායක දසුන් ශානක එක් කොට ගෙන ඇත. ඩුබායි කැපිටල්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරනුයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ හිමිකරුවන් විසිනි.


ඒ අනුව දසුන් ශානක ඩුබායි කැපිටල්ස් කණ්ඩායමට ඇතුළත් බව ඩුබායි කැපිටල්ස් කණ්ඩායමේ නිළ ට්විටර් ගිනුමෙහි සදහන් කොට ඇත. දසුන්ට අමතරව රෝමාන් පවෙල්, ෆේබියන් ඇලන් හා මුජීබර් රහ්මාන්ද ඩුබායි කැපිටල්ස් කණ්ඩායමට ඇතුළත්ය. එමෙන්ම වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හා භානුක රාජපක්ෂද ඩුබායි කැපිටල්ස් කණ්ඩායම සමගින් ගිවිසුම්ගත වී ඇත.


487 views0 comments