• Chathura Ramanayake

එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් ජයග්‍රාහී මාවතට අවතීර්ණය වෙයි !!!



ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තෙවන තරගය ඊයේ රාත්‍රියේදී පැවැත්විණි. මෙම තරගය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම සමගින් තරග වැදුනේ සිංගප්පූරු කණ්ඩායමයි. මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් සිංගප්පූරුව පළමුව පන්දු රැකීමට තීරණය කළහ.


ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ ආරම්භ පිතිකරු චෙග් සූරි ලකුණු රැස්කිරීමට පෙරාතුව ක්‍රීඩාගාරයට හරවා යවන්නට අද්විත්‍යා භාර්ගව සමත් සිය. නමුත් ආරම්භක පිතිකරු මුහම්මඩ් වසීම් සිංගප්පූරු පන්දු යවන්නන්ට එරෙහිව පන්දු 34කදී වේගවත් ලකුණු 58 රැස්කළේය. ඔහුගේ ඉනීමට හතරේ පහර 3ක් හා හයේ පහර 5ක් ඇතුළත් විය.


බැසිල් හමීඩ් පන්දු 28ක් තුළ හයේ පහර 2ක් සමගින් ලකුණු 38ක් එක්සත් අරාබි ලකුණු පුවරුවට එක් කළේය. නියමිත පන්දුවාර විස්ස අවසානයේදී එක්සත් අරාබි එමීර් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 160ක් රැස්කිරීමට සමත් විය. සිංගප්පූරුව වෙනුවෙන් පන්දු යැවීමේදී ජනක් ප්‍රකාශ් ලකුණු 35ට කඩුලු 3ක් බිදහෙලීය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන සිංගප්පූරු ක්‍රීඩකයන්ට සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 113ක් පමණි ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 47ක විශිෂ්ඨ ජයක් හිමිකරගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. සිංගප්පූරුව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු අරිට්‍රා ඩුට්ටා පන්දු 29කදී හයේ පහර 4ක් හා එක් හතරේ පහරක් සමගින් ලකුණු 42ක් රැස්කළේය.


නායක අම්ජඩ් මගබුබ් ලකුණු 16ක් රැස්කළ අතර පිතිකරුවන් හයදෙනකුට ලකුණු 10 සීමාව ඉක්මවන්නට නොහැකි විය. පන්දු යැවීමේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් කාර්තික් මෙයියප්පාන් ලකුණු 13ට කඩුලු 3ක් ද ජුනයිඩ් සාදික් ලකුණු 14ට කඩුලු 3ක් ද බිදහෙලීය.


UNITED ARAB EMIRATES :- 160/8(20 Overs)

Muhammad Waseem 58 (34), Basil Hameed 38(28)

Janak Prakash 3/35 (4), Vinoth Baskaran 2/23(4)


SINGAPORE :- 113/10(18.3 Overs)

Aritra Dutta 42 (29), Amjad Mahboob 16 (9)

Karthik Meiyappan 3/13 (4), Junaid Siddique 3/14 (3)

995 views0 comments