• Chathura Ramanayake

එක්දින ක්‍රිකට් තරග සම්බන්ධයෙන් වසීම් අක්‍රම්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !!



හිටපු පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් සදහන් කොට ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට තරග ආකෘති තුනක් යෝග්‍ය නොවන බවයි. එමෙන්ම එක්දින තරග නැරඹීමට එතරම් පිරිසක් ක්‍රීඩාංගණයට නොපැමිණෙන බැවින් එම තරග ආකෘතිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් කළ යුතු බව වසීම් අක්‍රම්ගේ අදහසයි.


පසුගිය සතියේදී එංගලන්ත ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කළේ ටෙස්ට් හා විස්සයි විස්ස තරග කෙරෙහි අවධානය යොමු කිරීමට අවශ්‍ය බව සදහන් කරමිනි. ජාත්‍යන්තර එක්දින පිටියේ කඩුලු 500ක් දවාගත් පළමු පන්දු යවන්නා වූ වසීම් අක්‍රම් සදහන් කොට ඇත්තේ බෙන් ස්ටෝක්ස් එක්දින පිටියෙන් සමු ගැනීම කණගාටුවට කරුණක් වන නමුත් එයට හේතුව ඔහු තේරුම් ගත් බවයි.


" විස්සයි විස්ස තරග තරමක් පහසුයි. පැය හතරකින් තරගය ඉවරයි. ලොව පුරා බොහෝ ලීග් තරගාවලි තියෙනවා. ඒවායේ ගොඩක් සල්ලි තියෙනවා. මම හිතනවා ටෙස්ට් හා විස්සයි විස්ස නූතන ක්‍රිකට් වල කොටසක් කියලා. එක්දින ක්‍රිකට් දැන් අභාවයට යමින් තියෙනවා. ක්‍රීඩකයෙකුට එක්දින තරග තරමක් වෙහෙසකරයි. එබැවින් ක්‍රීඩකයන් කෙටි තරග ආකෘතියට හා ටෙස්ට් ක්‍රිකට් ආකෘතිය කෙරෙහි අවධානය යොමු කරනවා."

පරිපාලකයන් එක්දින හා විස්සයි විස්ස තරග කෙරෙහි අවධානය යොමු කළ යුතුදැයි විමසූ විටදී වසීම් අක්‍රම් මෙලෙසින් සදහන් කොට ඇත.

ඔව් මම හිතන්නෙ එසේ කළ යුතුයි. එංගලන්තයේ ප්‍රේක්ෂකයන්ගෙන් ක්‍රීඩාංගණ පිරිලා තියෙනවා. නමුත් ඔබ දකිනවා ඇති ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව යන රටවල එක්දින තරග වලදී ක්‍රීඩාංගණ පිරෙන්නෑ. ඔවුන් එක්දින තරග පවත්වන්නේ පැවැත්විය යුතු නිසයි."

0 views0 comments