• Chathura Ramanayake

එක් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය ඉන්දියාවට



සංචාරක ඉන්දීය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ සිව්වන තරගය ඊයේ දිනයේදී පැවැත්විණි.තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඉන්දීය නායක රෝහිත් ෂර්මා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඉනීම ආරම්භ කරමින් නායක රෝහිත් ෂර්මා සමගින් සූර්‍යකුමාර් යාදව් පිටියට පිවිසියහ.


ආරම්භක කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 53ක් එක් කරන්නට විය. නායක රෝහිත් ෂර්මා පන්දු 16කදී හතරේ පහර 2ක් හා හයේ පහර 3ක් සමගින් වේගවත් ලකුණු 33ක් රැස්කළේය. සූර්‍යකුමාර් යාදව් පන්දු 14කදී ලකුණු 24ක් රැස්කිරීමට සමත් විය. අනතුරුව දීපාක් හූඩා හා රිෂාබ් පාන්ට් තෙවන කඩුල්ලට තවත් ලකුණු 47ක් එක් කළහ. දීපාක් හූඩා ලකුණු 21කදී දවාගැනීමට අල්සාරී ජෝසප්ට හැකිවිය.


රිෂාබ් පාන්ට් ඉන්දීය ඉනීමට පන්දු 31ක් තුළ හතරේ පහර 6ක් සමගින් තවත් ලකුණු 44ක් එක් කරන්නට විය. දිනේෂ් කාර්තික්ට ඊයේ දිනයේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 6ක් පමණි. ඉනීමේ අවසන් භාහය තුළදී වේගවත්ව ලකුණු රැස්කිරීමට සංජු සැම්සන් හා අක්ෂාර් පටෙල් වගබලාගත්හ. ඒ අනුව නියමිත පන්දුවාර විස්ස අවසානයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 191ක් රැස්කළහ. නොදැවී පන්දුවට පහර දුන් අක්ෂාර් පටෙල් පන්දු 8කදී ලකුණු 20ක්ද සංජු සැම්සන් ලකුණු 30ක්ද රැස්කිරීමට සමත් විය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන බටහිර ඉන්දීය කොදෙව් ඉනීමට ලකුණු 18ක් එක්වන තැන ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් කිං දවාගැනීමට අවේෂ් ඛාන් ක්‍රියාත්මක විය. නැවතත් ක්‍රියාත්මක වූ අවේෂ් ඛාන් ඩෙවෝන් තෝමස් එක් ලකුණකට ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් විය. නායක නිකලස් පූරන් පන්දු 8කදී එක් හතරේ පහරක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 24ක් රැස්කොට සිටියදී දුවද්දී දැවීයාමට හසුවිය. ආරම්භක පිතිකරු කයිල් මේයර්ස් ලකුණු 14කට,දවාගත් අක්ෂාර් පටෙල් රෝමාන් පවෙල්ගේ ඉනීමද ලකුණු 24කදී නිමාවට පත් කිරීමට සමත් විය.


ශිම්‍රන් හේට්මයර් ලකුණු 19ක් හා ජේසන් හෝල්ඩර් ලකුණු 13ක් රැස්කළ නමුත් සෙසු කිසිදු පසුපෙළ පිතිකරුවකුට ලකුණු 10 සීමාව ඉක්මවන්නට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ නොතැබූහ. ඒ අනුව පන්දුවාර 19එක් පන්දුවක් අවසානයේදී කොදෙව් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 132ක් තුළ දැවීගියහ. පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අර්ෂදීප් සිංග් කඩුලු 3ක්ද අවෙෂ් ඛාන්, අක්ෂාර් පටෙල් හා රවී බිෂ්නෝයි කඩුලු 2 බැගින්ද,දවාගත්හ. තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 3-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ඉන්දියාවට හැකිවිය.


INDIA 191/5(20 Overs)

Rishabh Pant 44 (31), Rohit Sharma33 (16)

Alzarri Joseph2/29 (4), Obed McCoy 2/66 (4)


WEST INDIES 132/10(19.1 Overs)

Nicholas Pooran 24 (8), Rovman Powell 24 (16)

Arshdeep Singh 3/12 (3.1), Avesh Khan

2/17 (4)

128 views0 comments