• Chathura Ramanayake

උණුසුම් සටනකින් අනතුරුව කුවේට් කණ්ඩායමට තියුණු ජයක්



ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ දෙවන තරගය අද පැවැත්වූයේ  එක්සත් අරාබි එමීර් කණ්ඩායම හා කුවෙට් කණ්ඩායම අතරයි. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් කුවේට් කණ්ඩායම පළමුව පන්දු යැවීම තෝරාගත්හ. ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන එක්සත් අරාබි එමීර් කණ්ඩායම ආරම්භක කඩුල්ලට ලකුණු 73ක් එක් කරන්නට විය.


ආරම්භක පිතිකරු මුහම්මඩ් වසීම් පන්දු 23ක් තුළ හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 34ක් රැස්කළේය. සිය හොදම විස්සයි විස්ස ඉනීම ක්‍රීඩා කළ චිරාග් සූරි පන්දු 61කදී හතරේ පහර 9ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 88ක් රැස්කොට සිටියදී දුවද්දී දවාගැනීමට රවිජ සදරුවන්ට හැකි විය. ව්‍රිත්‍යා අරවින්ද් එක්සත් අරාබි ඉනීමට ලකුණු 33ක් එක් කරන්නට විය. නියමිත පන්දුවාර විස්ස අවාසානයේදී එක්සත් අරාබි ඉනීම කඩුලු 5කට ලකුණු 173ක් ලෙසින් සටහන් විය.


කුවේට් ඉනීමටද සාර්ථක ආරම්භයක් ලබා ගන්නට ආරම්භක පිතිකරු යුගලයසමත් වද්දී පළමු කඩුල්ලට ලකුණු 53ක් එක් කරන්නට ඔවුන්ට හැකිවිය. මීට් බව්සාර් ලකුණු 27ක් රැස්කළ අතර ලුම්බිණි විද්‍යාලයීය ආදි සිසුවෙකු වූ රවිජ සදරුවන් පන්දු 25කදී එක් හතරේ පහරක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 34ක් රැස්කිරීමට සමත් විය.


කඩුලු රකින ක්‍රීඩක උස්මාන් පටෙල් ලකුණු 21ක් රැස්කළේය. ලුම්බිණි විද්‍යාලයීය ආදි සිසුවෙකු වන කුවෙට් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක මොහොමඩ් අස්ලාම්ද ලකුණු 19ක් රැස්කළ අතර එස්ඩන් සිල්වා ලකුණු 25ක් කුවෙට් ඉනීමට එක් කරන්නට විය. අවසන් පන්දුවාරයේදී කුවෙට් කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් කඩුලු 2ක් අතැතිව ලකුණු 9ක් අවශ්‍ය විය. තවත් එක් කඩුල්ලක් දැවී ගියද පන්දුවාර 19 පන්දු 5ක් අවසානයේදී ලකුණු 177ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කිරීමට කුවෙට් ක්‍රිකට් කණ්ඩායමට හැකිවිය. ඒ අනුව එක් කඩුල්ලක තියුණු ජයක් කුවෙට් කණ්ඩායමට හිමි විය.


UNITED ARAB EMIRATES - 173/5(20 Overs)

Chirag Suri 88 (61),Muhammad Waseem 35 (23) Sayed Monib 1/29 (4) ,Shiraz Khan 1/29 (4)


KUWAIT - 177/9(19.5 Overs) Ravija Sandaruwan 34 (25), Meet Bhavsar 27(21) Basil Hameed 3/22 (4), Junaid Siddique 1/34 (4)

1,919 views0 comments