• Chathura Ramanayake

ඉනීමේ පළමු පන්දුවාර දෙක සම්පුර්ණ තරගය වෙනස් කළාද ?



ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 8ක විශිෂ්ඨ ජයක් හිමිකරගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඊයේ දිනයේදී සමත් විය. තරග පරාජය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දසුන් ශානක සදහන් කොට සිටියේ ශ්‍රී ලංකා ඉනීමේ පළමු පන්දුවාර 2ක තරගය සම්පූර්ණයෙන්ම වෙනස් කළ බවයි.


මෙම තරගයේදී ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරු යුගලය වූ රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 40ක්ද හස්‍රටුල්ලා සසායි නොදැවී ලකුණු 37ක්ද රැස්කිරීමට සමත් විය.


" අපේ ඉනීමේ පළමු පන්දුවාර දෙක තුළදී තරගය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අපිට පළමු පන්දුවාර දෙක තුළදී කඩුලු 3ක් අහිමි වුණා. එතනින් ගොඩ එන්න අපිට අමාරු වුණා. ලකුණු 106ක ඉලක්කය ඇත්තටම ප්‍රමාණවත් නෑ"


" ගුර්බාස් හා සසායි ක්‍රීඩා කළ ආකාරය ඉතා විශිෂ්ඨයි. ඔවුන් මෙහි ගොඩක් ක්‍රීඩා කරල තියෙනවා. මේක ඔවුන්ගේ තණතිරුවක්. ඒ නිසා ඔවුන්ට හොද අවස්ථාවක් තියෙනවා."


" අපිට බංග්ලාදේශ තරගයේදී දැවැන්ත කාර්‍යභාරයක් ඉටුකරන්න තියෙනවා. අපි ඔවුන් සමග තරග රැසක් ක්‍රීඩා කරල තියෙනවා. ඒ වගේම බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ අත්දැකීමුත් අපිට උපකාර වේවි."

52 views0 comments