• Chathura Ramanayake

ඉන්දීය හා ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට පහසු ජයක් !!



පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරග 2ක් ඊයේ දිනයේදීත් පැවැත්විණි. ඒ පාකිස්තානයත් ඉන්දියාවත් අතර තරගය හා ඕස්ට්‍රේලියාවත් බාබඩෝස් කණ්ඩායමත් අතර තරගයයි. මේ අතරින් වැඩි අවධානයක් යොමු වූ තරගය බවට පත් වූයේ ඉන්දු පාකිස්තාන තරගයයි. ඉන්දීය කාන්තා කණ්ඩායම හා පාකිස්තාන කාන්තා කණ්ඩායම වසර 4කට පසුව විස්සයි විස්ස පිටියේදී ඊයේ මුණගැසුණි.


වර්ෂාව හේතුවෙන් තරගය ප්‍රමාද වී ආරම්භ කිරීමට සිදුවූ අතර පන්දුවාර 18කට මෙම තරගය සීමා විය. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් පාකිස්තානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ. ලකුණු පුවරුව ක්‍රියාත්මක වන්නටත් මත්තෙන් පළමු කඩුල්ල දවාගැනීමට මේගනා සිංට හැකිවිය. පාකිස්තාන ආරම්භක පිතිකාරිනිය වූ මුනීබා අලි ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් ලකුණු 32ක් රැස්කළේ හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමගිනි. සෙසු කිසිදු පාකිස්තාන ක්‍රීඩිකාවකට ලකුණු 20 සීමාව ඉක්මවන්නට නොහැකි වූ අතර පාකිස්තාන ඉනීමේ අවසන් කඩුලු 5ම ලකුණු 3ක් තුළදී බිදවැටුනි. ඒ අනුව පන්දුවාර 18 තුළ සියලු දෙනා දැවී පාකිස්තානය රැස්කළේ ලකුණු 99ක් පමණි.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ඉන්දීය ආරම්භක පිතිකාරිණියන් යුගලය පළමු කඩුල්ලට ලකුණු 61ක් එක් කළේ පන්දුවාර 5 පන්දු 5කදීය. ශෆාලි වර්මා ලකුණු 16කට දැවී ගිය අතර ස්ම්‍රිටි මන්දනා නොදැවුනු ඉනීමක් ක්‍රීඩා කරන්නට විය. පන්දුවාර 11 පන්දු 4ක් පමණක් වැයකරමින් කඩුලු 2ක් දැවී නියමිත ඉලක්කය හබායාමට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත් විය. ස්ම්‍රිටි මන්දනා පන්දු 42ක් තුළ හතරේ පහර 8ක් හා හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 63ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය.


Pakistan Women 99 (Muneeba 32, Rana 2-15, Radha 2-18)

India Women 102 for 2 (Mandhana 63*)


ඊයේ දිනයට අදාල දෙවන තරගය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමගින් බාබඩෝස් කාන්තා කණ්ඩායම තරග වැදුනි. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඕස්ට්‍රේලියානු නායිකාව පළමුව පන්දු රැකීමට තීරණය කළාය. ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන බාබඩෝස් ක්‍රීඩිකාවන් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියන් හමුවේ ඉතා අසරණ වන ආකාරය දැකගත හැකිවිය. බාබඩෝස් නායිකා හේලි මැතිවුස් හැර අනිකුත් කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාව ඉක්මවන්නට නොහැකි විය. ඒ අනුව නියමිත පන්දුවාර විස්ස අවසානයේදී සියලු ක්‍රීඩිකාවන් දැවී බාබඩෝස් කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 64ක් පමණි. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඇලනා කිං කඩුලු 4ක් හා තාලියා මැග්‍රාත් කඩුලු 3ක් බිදහෙලීය.


පහසු ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනිය ලකුණු 2කට දැවී ගිය නමුත් නායිකාව හා කඩුලු රකින්නිය විසින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය. පන්දුවාර 8 එක් පන්දුවක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී පහසු ජයක් හිමිකරගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සමත් විය. නායිකා මැග් ලෙනින් හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 36ක්ද ඇලීසා හේලි ලකුණු 23ක්ද රැස්කිරීමට සමත් විය.


Barbados 64 (Matthews 18, King 4-8, McGrath 3-13)

Australia 68 for 1 (Lanning 36*) beat

15 views0 comments