• Chathura Ramanayake

ඉන්දියාව හා පාකිස්තානය සමගින් තරග වදින ආසියානුවන් තේරීමේ වටය ඇරඹෙයි !!



ආසියානු කුසලාන තරගාවලිය එළඹෙන අගෝස්තු මස 27වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලිය වෙනුවෙන් මේ වන විටත් කණ්ඩායම් පහක් ඍජුවම සුදුසුකම් ලබා ඇත. තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත හයවන කණ්ඩායම තේරීම සදහා වන තරග වටය අද දිනයේදී ආරම්භ වීමට නියමිතය.


මෙම තරග වටය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, හොංකොං , කුවේටය හා සිංගප්පූරුව යන රටවල් ක්‍රීඩා කිරීමට නියමිතය. මෙම තරග වටයට තරග 6ක් ඇතුළත් අතර එම සියලු තරග ඕමානයේ Al Amerat ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරග අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගන්නා කණ්ඩායම ඉන්දියාව හා පාකිස්තානය ඇතුළත් කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය.


මෙම තරග වටය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු තරගයට සිංගප්පූරු කණ්ඩායම හා හොංකොං කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතය. මෙම තරග අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණෙහි පසුවන කණ්ඩායම අගෝස්තු මස 31වනදා ඉන්දියාවට එරෙහිවද සැප්තැම්බර් මස 2වනදා පාකිස්තානයට එරෙහිව ද තරග වැදීමට නියමිතය.


සුදුසුකම් ලැබීමේ කාලසටහන

August 20 - සිංගප්පූරුව හා හොංකොං

August 21 - එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා කුවේටය

August 22 - එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා සිංගප්පූරුව

August 23 - කුවේටය හා හොංකොං

August 24 - සිංගප්පූරුව හා කුවේටය

August 24 - එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා හොංකොං

452 views0 comments